e-Con e-News

ජිනීවා ගණිකා වෘත්තිය සහ ශ්‍රී ලංකාවට කාර්මීකරණය අහිමි කිරීම

Published (updated: ) in Uncategorized.

ජිනීවා ගණිකා වෘත්තිය සහ ශ්‍රී ලංකාවට කාර්මීකරණය අහිමි කිරීම

ආර්ථික විද්‍යාව හැදෑරීමට පෙර ආර්ථික විද්‍යාඥයින් හදාරන්න!

e-Con e-News 01-07 August 2021

  • ශ්‍රී ලංකාවට ජූලි මාසයේ දී ගෙවීමට සිදු වූ ඊනියා ‘ණය’ ඩොලර් බිලියනය ඇත්තටම ගියේ කාගේ අතට ද? එය චීනයට ගියේ නම්, ඊනියා කලු සුද්දන්ගේ මාධ්‍ය මේවන විට උඩු බුරනු ඇත!
    මේ මාධ්‍ය බැටලුවන් මෙතරම්ම නිහඬ ඇයි?
  • අනුරාධපුර රජරට ශිෂ්ඨාචාරයේ පැවති යකඩ හා වානේ නිෂ්පාදනය විනාශ කිරීමට දකුණු ඉන්දියානුවන් බොහෝ වාර ගණනකදී මෙරට ආක්‍රමණයකර තිබේ. විශේෂයෙන් 1818 ඌව කැරැල්ලෙන් පසු පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසි ජාතිකයින් ද අපේ වානේ කර්මාන්ත විනාශකිරීම ඉලක්කකර තිබුණි. නමුත් 1956 න් පසු සමාජවාදී රටවල සහයෝගය ඇතිව මෙරට නව වානේ කර්මාන්තයක් ගොඩ නැගුණි.
    1977 න් පසු බිහි වූ ආණ්ඩු එම සියලු උත්සාහයන් විනාශකර දමා තිබේ (ee විශේෂාගය බලන්න).
  • අපේ ණය ගෙවීමට අපට ඇති හොඳම මාර්ගය වන්නේ නූතන කාර්මීකරණය බව නොපවසන “ආර්ථික විද්‍යාඥයින්” මුදල් මුද්‍රණය නිසා උද්ධමනය ඇතිවන බවට චෝදනා නගමින් සිටී. නමුත් එම මුදල් මෙන්ම සමාගම් විසින් උපයන දැවැන්ත ලාභ ද දේපල සඳහා ආයෝජනය කරනු වෙනුවට නූතන කාර්මීකරණයට ආයෝජනය කරන්නේ නම් එවැනි උද්ධමනයක් ඇති නොවේ.
    2021 මුල් මාස හය සඳහා පමණක් ඩයලොග් ඇක්සියාටා සමාගම රුපියල් බිලියන 68 ක ආදායමක් ලැබූ බව ප්‍රකාශයට පත්කර තිබේ! (බලන්න ee ව්‍යාපාර)

ලිංගිකත්වය හා එක්සත් ජාතීන්

  • එක්සත් ජාතීන්ගේ මූලස්ථානය අසල ඇති ජිනීවා නගරයේ රෙඩ් ලයිට්  දිස්ත්‍රික්කයේ සිටින ගණිකාවන් විවිධ ජාතීන්, සංස්කෘතීන් හා භාෂාවන් සමූහයක් නියෝජනය කරයි. ආසියාවේ, අප්‍රිකාවේ සහ ඇමරිකාවේ සිට රැගෙන ආ එම ලිංගික කම්කරුවන්ට එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, සමාගම්වල විධායකයින් සහ බැංකුකරුවන් ආදී පුළුල් පරාසයක සේවාලාභීන්ට සේවාවන් ලබාදීමට සිදු වේ. තරුණ හා මහලු, ගැහැණු හා පිරිමි සහ ඒ අතරවන සෑම අයෙකුම එහි සිටී. විවිධ ‘වාර්ගික’ සහ ලිංගික ආශාවන් පිරිනමන මෙනුවක් අනුව ඒවායේ විචල්‍ය මිල ගණන් ස්විස් ෆ්‍රෑන්ක් 100 (රුපියල් 22,000) සිට ආරම්භ වේ.

  • ස්විට්සර්ලන්තයේ ගණිකා වෘත්තිය නීත්‍යනුකූල ය. නමුත් පැමිණෙන බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ බොහෝ රටවල එය නීති විරෝධී ය. එබැවින් එක්සත් ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පහළින් ඇති වීදියේ රෙඩ් ලයිට්  දිස්ත්‍රික්කය හරහා ස්විට්සර්ලන්ත පොලිසියට සහ අනෙකුත් ආධිකාරීන්ට වටිනා ‘රහස් තොරතුරු’ සැපයේ.
  • අධ්‍යාපනයේ හමුදා භූමිකාව අන්තර්ජාලය තුළ දැඩි ලෙස විවාදයට ලක් වී තිබේ. කෙසේ වෙතත්, අන්තර්ජාලය තවමත් එක්සත් ජනපද හමුදාව විසින් පාලනය කරයි. එක්සත් ජනපද හමුදාව සිය පර්යේෂණ ආයතන (විශ්ව විද්‍යාල, ආදිය) සහ කර්මාන්ත ශාලා එකිනෙකට සම්බන්ධ කිරීමට අන්තර්ජාල පද්ධතිය (DARPA) මුළින්ම ස්ථාපිත කරන ලදී.
  • විරෝධතාවයන් සහ මාධ්‍යවල කෝපය පලකිරීම් ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් ගලා එයි. ෆේස්බුක්, ට්විටර්, බීබීසී සහ රොයිටර් වැනි ප්‍රවෘත්ති ඒජන්සි මෙන්ම බ්‍රිතාන්‍ය කවුන්සිලය ආදී බදු නොගෙවන සංස්කෘතික පෙරමුණු ද අපේ රට අස්ථාවර කිරීමට සෑම පැත්තකින්ම දැඩි ලෙස සම්බන්ධ වී ඇති ආකාරය මේ සතියේ ප්‍රවෘත්තිවල සඳහන් විය. අධිරාජ්‍යවාදය රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් බෙදා හැරීම පිළිබඳව කිසිදු පාලනයක් ශ්‍රී ලංකා රජයට නැත.
  • අන්තර්ජාලය පාලනය කිරීමේ දී ඩයලොග් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම්වල යටත්විජිත භූමිකාව පිළිබඳව පසුගිය සතියේ ee මගින් තරමක් දුරට විමසා බලන ලදී. නීතිමය ප්‍රබන්ධ, ඉදිරිපෙල ආවරණ සමාගම්, සහ ෂෙල් සමාගම් උපයෝගී කරගනිමින් යුනිලීවර් සමාගම ශ්‍රී ලංකාවේ යැයි කියන සමාගම් සිය ගණනක් හරහා ක්‍රියාත්මක වන ආකාරය ee මගින් සති දෙකකට පෙර දී පෙන්වා දෙන ලදී. අන්තර්ජාලයත්, යුනිලීවර් සමාගමත් සැබවින්ම පාලනය කරන්නේ කවුරුන්දැයි හඳුනා ගැනීමට ඔවුන්ගේ යාන්ත්‍රණය සම්බන්ධව පර්යේෂණ සිදු කරන්නන් විසින් එම යාන්ත්‍රණය සැකසීම හා සැපයීම සිදු කරන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුය.
  • රටවල් තම කාර්මික ශක්තිය පිළිබඳව දැන්වීම් පළ නොකරති. ඇත්ත වශයෙන්ම, ඔවුන් එය සඟවයි. සිංගප්පූරුව යනු අග්නිදිග ආසියාවේ ආධිපත්‍යය සඳහා සුදු ජාතික බහුජාතික සමාගම්වලට ඇති බලකොටුවක් වුවත් සිංගප්පූරුව යනු කාර්මික ආර්ථිකයක් බව බොහෝ දෙනෙකු නොදනී.
  • ශ්‍රී ලාංකිකයෙකුට ආහාර සඳහා පමණක් මාසයකට රු. 34,000 ක් අවශ්‍යයි! ඉංග්‍රීසි බුද්ධි මණ්ඩලයක් (think tank) විසින් පසුගිය සතියේ දී වැරදි ලෙස වාර්තා කර තිබුණි. මෙම සංවර්ධන අධ්‍යයන ආයතනය (IDS) විසින් දිගු කලක් තිස්සේ අපේ ඌණ සංවර්ධිතභාවය පිළිබඳ සත්‍ය පර්යේෂණ වලක්වා තිබේ.
  • 1969 දී ගාමණී කොරෙයා යටතේ ශ්‍රී ලංකා සැලසුම් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සියල්ලන්ම ලංකාවේ සංවර්ධන සැලසුම්කරණය පිළිබඳ ඒකාබද්ධ වැඩමුළුවකට ලන්ඩනයේ IDS වෙත රැගෙන යන ලදී. මේ බොහොමයක් නිලධාරීන්ට පසුව බොහෝ දුරට මතුපිට මට්ටමේ අධ්‍යනය හා පර්යේෂණ කටයුතු සඳහා අල්ලස් ලබා දී තිබුණි. ඇත්ත වශයෙන්ම ලන්ඩනයේ IDS යුනිලීවර් සමාගමට සම්බන්ධිතය.  යුනිලීවර් සමාගමේ ඉහළම කොටස් හිමියන් අතර සිටින වත්කම් කළමනාකරුවන්වන බ්ලැක්රොක් ආදීන් මෙහි ලැයිස්තුගතව සිටින අතර, ඔවුන්ගේ  ඓතිහාසික හිමිකම්වන ලිවර්හුල් මේ භාරය තුළ සිටී. මෙම භාරය මගින් එංගලන්තයේ ඉහළම බුද්ධි මණ්ඩල හා කාර්මික පර්යේෂණ කටයුතු පාලනය කරයි. එංගලන්තයේ යුනිලීවර් සමාගමේ අමුද්‍රව්‍ය නවෝත්පාදන කර්මාන්ත ශාලාව තුළ නවීනතම පරිගණක හා රොබෝ තාක්‍ෂණය සමඟ ‘ද්‍රව්‍ය රසායන විද්‍යා විශේෂඥතාව’ මුසු කිරීම සිදුවේ. ඔවුන් මේ කිසිවක් මෙරට සිදු කිරීමට ඉඩ ලබාදෙන්නේ නැත. ඒ වෙනුවට ලංකාවේ ප්‍රවීණතාවය ඔවුන්ගේ භාණ්ඩ ඇසුරුම් කිරීමට පමණක් සීමා වේ. (බලන්න ee 27 ජූනි, 21 නොවැම්බර් 2020)
  • ළමා ශ්‍රමිකයින් ඝාතනය කිරීම පිළිබඳව තවමත් ප්‍රවෘත්තිවල දැකිය හැකිය. නමුත් පසුගිය වසරේ දී සේවකයින් 71 දෙනෙකු රැකියාවේ දී ජීවිතක්ෂයට පත් වී ඇති අතර, මාරක නොවන අනතුරු 1,116 ක් සිදු වී තිබේ. සිරස්තල වශයෙන් වාර්තා නොවූවත් අවම වශයෙන් වාර්තා වූ සිදුවීම් එපමණ තිබේ. (ee රැකියාව සහ මරා දැමීම්)
  • ප්‍රමුඛ පෙලේ කලු සුද්දන් විසින් මෙම ගෘහ සේවිකාව ඝාතනය කිරීම පිළිබඳව හෙළිදරව් කිරීම නිසා, ‘කම්කරු නම්‍යශීලීභාවය පිළිබඳ මාෆියාව’ ද මේ වන විට නිහඬව සිටී. කම්කරු නම්‍යශීලීභාවය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ භාෂාවෙන් කම්කරු අයිතිවාසිකම් විනාශ කිරීම පිළිබඳව කථා කිරීමයි. මේ අතර, වෘත්තීය සමිති, සෞඛ්‍ය සේවක සහ ගුරුවරුන්ගේ විරෝධතා ධනපති මාධ්‍ය විසින් උද්යෝගිමත්ව ප්‍රචාරණය කරමින් තිබේ. ඇමරිකා එක්සත් ජනපදයට බලාගාර විකිණීමට එරෙහිව විදුලි ඉංජිනේරුවන්ගේ විරෝධතාවය පිළිබඳව එතරම් උද්යෝගයක් නැත. නූතන කාර්මීකරණය සඳහා ග්‍රාමීය බලශක්ති නිෂ්පාදනය ඉතා වැදගත් ය. අධිරාජ්‍යවාදය එය වැළැක්වීමට ක්‍රියාකරයි.  

A2. සතියේ උපුටා දැක්වීම් 

  • කඩදාසි සංස්ථාව, ජාතික රෙදි මෝල, ටයර් සංස්ථාව, හාඩ්වෙයාර් සංස්ථාව, තුනී ලෑලි සංස්ථාව, පරන්තන් රසායනික සංස්ථාව, සීනි සංස්ථාව, තෙල් සහ මේද සංස්ථාව, අලෙවි දෙපාර්තමේන්තුව, ටින් කිරීමේ ආයතනය, ඛනිජ වැලි සංස්ථාව, ජාතික කිරි මණ්ඩලය, සමුපකාර වෙළඳ සැල් සහ ශක්තිමත් ආර්ථික ආරම්භයක් සඳහා ස්ථිර අඩිතාලමක් දමා තිබූ තවත් බොහෝ අපේ ජාතික කර්මාන්ත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ හේතුවෙන් මුළුමනින්ම විනාශ විය. ’ – ee ආර්ථික විද්‍යාඥයින්, IMF

  • සූර්ය බලශක්තිය – ‘මෙවන් තීරණාත්මක අවස්ථාවල ප්‍රමාණවත් ප්‍රවීණතාවක් නොමැතිකම පිළිබඳව හා ඍජු විදේශීය ආයෝජන හා ඩොලර් ගලා ඒමේ ආකර්ෂණය ආදිය පිළිබඳ තර්කවල විදේශවලින් පැමිණෙන විශේෂඥයින් සාමාන්‍යයෙන් පැටලේ. නමුත් විමසිය යුතු ප්‍රශ්නය වන්නේ, BOI විසින් අනුමත කරන ලද එවැනි ව්‍යාපෘති කීයක් තිබේ ද, එවන් ව්‍යාපෘතිවල දී දේශීය ව්‍යවසායකයින් සඳහා ලබා ගත හැකි ණය සීමාවන් වශයෙන් කොපමණ අරමුදල් දේශීය බැංකුවලින් ලබා දී තිබේද යන්නයි. තුල්හිරිය රෙදිපිළි කම්හලේ කොරියානු ආයෝජකයා දේශීය බැංකුවක් සඳහා කෝටි ගණනක ණය පියවීමකින් තොරව අතුරුදහන් වීම ඒ පිළිබඳව ඇති වඩාත් පැහැදිලිම උදාහරණයයි… අප ඉතා දැඩිව අපේක්‍ෂා කරන බලශක්ති සුරක්‍ෂිතතාවය සහ විදේශ විනිමය ගලායාම අඩු කිරීම සහතික කිරීම වෙනුවෙන් ඩොලර් හා සමාන හෝ ඊට අඩු මිලකට රුපියල්වලින්ම අපටම ප්‍රයෝජනයට ගත හැකි අපගේම හිරු එළිය භාවිතයට ගැනීමට අපි ඩොලර් වියදම් කරමින් සිටින්නෙමු. මහවැලි ව්‍යාපෘතියේ පහළ ගංඟා සංවර්ධන ක්‍රියාවලියේදී ද ඒ හා සමාන ස්වභාවයක මෝඩකමකට ඉඩ දී තිබුණි. එහි දී දේශීය කොන්ත්‍රාත්කරුවන් බැහැරවන ලෙස ව්‍යාපෘති සකස්කළ අතර, ව්‍යාපෘතිය විදේශීය සමාගම් වෙත ප්‍රදානය කරන ලදී. කෙසේ වෙතත්, සම්පූර්ණයෙන්ම වාගේ අදාල වැඩ කටයුතු උප කොන්ත්‍රාත් හරහා දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් ඉතාම කාර්යක්ෂමව සිදු කරන ලදී. නමුත් මහා පරිමාණයේ ව්‍යාපෘති වෙනුවෙන් පූර්ව සුදුසුකම් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ අත්දැකීම් තවමත් පිළිගැනීමට ලක් වී නැත. දශක ගණනාවකට පසුවවත් මෙවැනි දැවැන්ත මෝඩකම් නැවත සිදු විය යුතු නැත. දේශීය කියමනට අනුව, දවල් වැටුන වලේ, රෑටත් වැටීමේ වරද අපි නොකළ යුතුයි. ’ – බලන්න ee කර්මාන්ත, සූර්ය බලය

  • ‘සෑම දිනකම මිලියන 1.2 ක් පිරිමින් ලිංගික ක්‍රියාවන්ට ගෙවීම් සිදුකරන ජර්මනිය වැනි මෙගා ගණිකා නිවාසයක්’- ee කම්කරුවන්, ස්විට්සර්ලන්තය

  • බටහිර ලෝකය පසුකිරීමට විද්‍යාත්මක චින්තනය ආරක්ෂා කිරීම සහ උසස් තාක්‍ෂණය කෙරෙහි අවධානය යොමු කිරීම මගින් ඉහළ සංවර්ධන අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡාව නැවත ඉදිරියට ගෙන ඒමට චීනයේ ෂී යටතේ, කාර්මික පක්ෂයේ ප්‍රධාන අදහස්, චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රතිපත්තියේ ප්‍රධාන තැනක් ගෙන තිබේ.  – ee කර්මාන්ත

  • මිලියන ගණනාවක් ජනතාව බලාපොරොත්තු වූ පරිදි ඔබාමා සහ ඩිමොක්‍රටික් පක්ෂය “අඩු නපුර” නොවීය. ඒ වෙනුවට ඔවුන් වඩාත් ඵලදායී නපුරක් විය… ee මාධ්‍ය, ෆෝඩ්
  • ‘විශාල බහුජාතික සමාගම් හා පෞද්ගලික ලාභ ලැබීම් මත පදනම් වූ මෙන්ම දිළිඳු ජනතාවට එම ලාභය අන්තර්ජාතිකව මාරු කිරීමට කිසිදු පියවරක් නැති ලෝක ආහාර පද්ධතියක් අප සතුව තිබේ. පරිසරය සම්බන්ධව බලවත් රටවල අධික වගකීම් විරහිතභාවය මත එය පදනම් වී තිබේ. දිළිඳු ජනතාවගේ අයිතිවාසිකම් රැඩිකල් ලෙස ප්‍රතික්ෂේප කිරීම මත එය පදනම් වී ඇත. ’ – ee කෘෂිකර්මය, තිරසර  
  • ‘ඇමරිකානු බැංකු තුනක් “සිය ලාභයෙන් 100% ක් ලබාගන්නේ අයිරා ගාස්තු හරහා ය”… මාසයෙන් මාසය වැටුපෙන් ජීවත්වන මෙම ගාස්තු ගෙවන බොහෝ පුද්ගලයින් තමන්ගේ ගිණුම අධික ලෙස අයිරාගත වී ඇති බව නොදනී. ගිණුම් අයිරාගතවීම සිදු වන අවස්ථාවේදී බොහෝ බැංකු විසින් අනතුරු ඇඟවීමක් සිදුකරන්නේ නැත.’ – ee මූල්‍ය, බැංකු අයිරා

සමාජයීයව මරා දැමීම

  • එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට ශාරීරිකව හානිකර මරණයට පත්කලවිට අපි එම ක්‍රියාව මනුෂ්‍ය ඝාතනයක් ලෙස හඳුන්වන්නෙමු; තුවාලය මාරාන්තික බව ප්‍රහාරකයා කල්තියා දැන සිටි විට අපි ඔහුගේ ක්‍රියාව මිනීමැරුමක් ලෙස හඳුන්වන්නෙමු. නමුත් සමාජය විසින් නිර්ධන පංතිකයින් සිය දහස් ගණනක් එවැනි තත්වයකට පත් කරන විට, ඔවුන් අනිවාර්යයෙන්ම ඉතාම ඉක්මන් හා අස්වාභාවික මරණයකට ලක්වන අතර එහි දී කඩුවෙන් හෝ වෙඩි උණ්ඩයෙන් සිදුකරන ආකාරයේම ප්‍රචණ්ඩ මරණයක් සිදුවේ; එසේ දහස් ගණනකට ජීවිතවල අත්‍යවශ්‍ය දේ අහිමි කළ විට, ජීවත් වීමට නොහැකි තත්වයකට ඔවුන්ව පත්වේ – නොවැලැක්විය හැකි මරණය සිදුවන තුරු එවැනි කොන්දේසි යටතේ ජීවත්වීමට නීතියේ ශක්තිමත් හස්තය මගින් ඔවුන්ට බල කෙරේ – මෙම වින්දිතයින් දහස් ගණනක් විනාශවන බව දන්නා නමුත් නීතිය එම කොන්දේසිවල පැවත්මට ඉඩ සලසයි. නීතියේ එම ක්‍රියාව  පුද්ගලයෙකුගේ මිනී මැරීමක් තරමටම ද්වේශසහගත, කිසිවෙකුට තමන්ව ආරක්ෂා කර ගත නොහැකි මිනීමැරුමක් වේ; නමුත් එය පිටතට නොපෙනේ. මිනීමරුවා කිසිවෙකු විසින් නොදකින නිසා, වින්දිතයාගේ මරණය ස්වභාවික සිද්ධියක් සේ පෙනෙන නිසා, වරද අපරාධයකට වඩා අතපසුවීමක් බවට පත්වේ. එහෙත් එය මිනීමැරුමකි. – එංගල්ස්

  • ‘මාක්ස් ස්වභාවික පොලී අනුපාතය පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කළේය. ඔහුට අනුව ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය, මුදල් ණයට ලබා දීමෙන් උපයන පොලියෙන් හෝ කොටස් ලාභාංශ හෝ දේපල හිමිකාරිත්වය නිසා කුලී වශයෙන් ඇති වන්නේ නැත. ඒ ප්‍රතිලාභය ඇතිවන්නේ කම්කරු ශ්‍රමයෙන් ලබා ගත් අතිරික්ත වටිනාකමින්වන අතර, සහ ප්‍රාග්ධනයේ ඵලදායි අංශය මගින් එය තමන්ට පවරාගෙන තිබේ. පොලිය එම අතිරික්ත වටිනාකමේ යම් කොටසක් පමණි. ආර්ථිකයේ ධනපති නිෂ්පාදනයේ පොලී අනුපාතය ශුන්‍ය සහ සාමාන්‍ය ලාභ අනුපාතය අතර උච්චාවචනය වනු ඇත. උත්පාත කාලයන් තුළ එය සාමාන්‍ය ලාභ අනුපාතිකය කරා ගමන් කරන අතර අවපාතවල දී එය ශුන්‍ය දක්වා පහත වැටෙනු ඇත. එහෙත් ආයෝජනයේ තීරණාත්මක ධාවකයා වනුයේ ලාභය මිස පොලී අනුපාතය නොවේ. ලාභදායිතාවය අඩු නම්, මුදල් ඇති අය ඵලදායී නිෂ්පාදන සඳහා ආයෝජනය කරනු වෙනුවට වඩ වඩාත් මුදල් එක්රැස් කර ගැනීම හෝ මූල්‍ය වත්කම් සමපේක්ෂණය සඳහා යොමුවේ. ’ – ee ආර්ථික විද්‍යාඥයින්, රොබට්ස්

_____________

A3. අහඹු සටහන් (ව්‍යාකූලත්වය තුළ සංඛ්‍යා දැකීම

  • විවිධ ශ්‍රී ලාංකික සමාගම් තමන් ‘හොඳම වැඩබිම’ බව ප්‍රකාශයට පත්කරන මේ සියලු ව්‍යාපාරික සිරස්තල මොනවාද? ඒවා තීරණය කළේ කම්කරුවන් ද? නැත! ඇමරිකාවේ බහුජාතික සංවිධානයක්වන ග්‍රේට් ප්ලේස් ටු වර්ක් නම් ආයතනය මගින් මෙම (සැක සහිත) ෆෝචූන් 100 හොඳම වැඩබිම ශ්‍රේණිගත කිරීම සකස් කෙරේ. 1935 දී පළමු වෘත්තීය සමිතිය ලෙස ලියාපදිංචි වූ ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය ඔවුන්ගේ දේශීය හවුල් කරුවෙකු වේ. 1980 ගණන්වල දී කම්කරුවන් සේවයෙන් ඉවතට ඇද දැමීමට අවශ්‍ය වූ විට මෙම හාම්පුතුන්ගේ සම්මේලනය විවෘතව ඉදිරියට පැමිණි අතර ඉන් පසුව පැමිණි දශක ගණනාවක් තුළ දී කම්කරුවන්ට එරෙහි ත්‍රස්තවාදයට එම සම්මේලනය හේතු විය.
  • ශ්‍රී ලංකාවේ අංකුර වානේ කර්මාන්තය බොහෝ දුරට නටබුන් වී තිබේ. වානේ යනු කාර්මික නිෂ්පාදනයේ ආහාරය යි. සියලුම ප්‍රධාන රටවල් තමන්ගේ වානේ කර්මාන්තය දැඩිව ආරක්ෂා කරයි. ආහාර සුරක්‍ෂිතතාවය මෙන්ම තම ස්වයං ආරක්ෂාවේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ද වානේ කර්මාන්තය සැලකේ. එවැනි ‘විශාල’ ‘ප්‍රාග්ධන’ කර්මාන්තයක වැදගත්කම අපේ ආර්ථික විද්‍යාඥයන්ගේ සැළකිල්ලට ලක් නොවේ. ඔවුන් ඊට වඩා ණය ගෙවීම් පිළිබඳව කෙඳිරිගාමින් සිටී (ණය වැඩි කරවන රසායනික ද්‍රව්‍ය ඇතුලුව කාර්මික භාණ්ඩ ආනයනය කරන ලෙස ඉල්ලමින්).
  • බලශක්ති නිෂ්පාදනය නවීන කාර්මීකරණයට ඉතාමත් සමීප ය. බලශක්ති නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ‘ආධාර’ ලබාදීමට (ඔවුන්ගේ තානාපතිවරුන් සමඟ ප්‍රසිද්ධියේ) ඇමරිකාව සහ ඉන්දියාව ඉදිරියට එන්නේ ඒ නිසා ය. ee ගුරුවරුන් වන ඩී. ජේ. විමලසුරේන්ද්‍ර සහ ජී. වී. එස්. ද සිල්වා විසින් පෙන්වා දී ඇති පරිදි, රටේ කාර්මික පුනරුදය සඳහා විදුලිය හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ ඒවායේ කොටස් ග්‍රාමීයව නිෂ්පාදනය කිරීම අත්‍යවශ්‍ය වේ. අද දක්වාම අපේ දේශපාලන ආර්ථිකය හසුරුවන එංගලන්තය විසින් ඒ දෙදෙනාටම බාධා කරන ලදී. 
  • කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට විකිණීමට එරෙහිව විදුලි ඉංජිනේරුවන් ඉදිරියට පැමිණ තිබේ. ඇමරිකානු බැංකු ලොව පුරා විදුලි බලාගාර අත්පත් කරගැනීම සහ ඒවා කොල්ලකෑම කෙරෙහි ප්‍රධාන පෙලේ ඇමරිකානු බැංකුවලට ඇති දැඩි උනන්දුව ee විසින් දැනටමත් හඳුනාගෙන තිබේ.
  • නවීන තාක්ෂණය භාවිතා කරමින් තම සේවකයාගේ සෑම චලනයක්ම නිරීක්ෂණය කළ හැකි පරිදි නිවසේ සිට වැඩ ගැනීම (WFH) ධනපතියන්ගේ නවතම විලාසිතාව වී තිබේ. ee සිහිපත්කරන පරිදි යන්ත්‍ර සහ යන්ත්‍ර නිපදවීම මගින් නූතන යුගය ඉන් පෙර වූ යුගයන්ගෙන් වෙනස් වේ. සෑම අයෙකුගේම ජීවන තත්වය වැඩිදියුණු කරනවා වෙනුවට, යන්ත්‍ර සෑදීමෙන් පසු ධනවාදයේ පළමු කාර්ය වූයේ කාන්තාවන් සහ ළමයින් රැකියාවට බඳවා ගැනීමයි!
  • මේ දිනවල ප්‍රවෘත්තිවල ජෝසප් ස්ටාලින් නිතරම දැකිය හැකිය. ලංකා ගුරු සංගමයේ ප්‍රධානියා මෙන්ම තමිල්නාඩුවේ මහ ඇමතිවරයා ද ජෝශප් ස්ටාලින් නම් වේ. එහෙත්, සෝවියට් සමාජවාදී ජනරජයේ සිටි මුල් ජෝසප් ස්ටාලින් පිළිබඳව අප වැඩි අවධානයක් යොමු කරමු.

    සුද්දන් විශ්වීයව නිග්‍රහ කරන නායකයෙකු පිළිබඳව ee එතරම් කැමැත්තක් දක්වන්නේ ඇයි? ස්ටාලින් සහෝදරයා පිළිබඳ එකදු ප්‍රශංසා සහගත කතාවක් අන්තර්ජාලයෙන් සොයා නොහැකි ය. ඔහු මරා දැමූ ‘මිලියන’ ගණනක් දෙනා වෙනුවෙන් වෙන් වූ වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් තිබේ: සුදු ජාතිකයින් බලහත්කාරයෙන් පදිංචි වූ රටවල ඝාතනයකරන ලද  මිලියන ගණනක් වූ ස්වදේශිකයින් සඳහා වෙන් වූ වෙබ් අඩවි ඇත්තෙන්ම නැති තරම් ය. එම මහාද්වීපවල, විශේෂයෙන් ඇන්ග්ලෝ-උතුරු ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල, නැතිනම් මෙහි ඉන්දියාවේ, චීනයේ හෝ අප්‍රිකාවේ මරා දමන ලද මිනිසුන් පිළිබඳව කිසිවක් අන්තර්ජාලයේ නැති තරම් ය.

ඉතින් අපි නූතන කාර්මිකකරණය පිළිබඳව ඉගෙනගන්නේ හා සැලසුමක් සකස්කර ගන්නේ කෙසේද? අපට ඉගෙනගත හැක්කේ කුමන ආකෘතීන්ගෙන්ද?  ඉඩම් හිමි මහත්වරුන්ගේ කැඩුණු ඉංග්‍රීසිය මිස කාර්මික විප්ලවයේ ඉංග්‍රීසිය අපි ඉගෙන නොගන්නේ ඇයි? ඇමරිකානු ජනාධිපති තෝමස් ජෙෆර්සන් ගැන මිස ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් පිළිබඳව අපට අසන්නට නොලැබෙන්නේ ඇයි? අපට රැජිණගේ වාමාංශිකයින් (ලන්ඩනයේ හෝ මෑන්හැටන්හි සිටින) පිළිබඳව මිස ජෝසප් ස්ටාලින්ගේ වාමාංශිකයින් පිළිබඳව අසන්නට නොලැබෙන්නේ ඇයි? (බලන්න ee විශේෂාංග)

  • එංගලන්තයේ ඩිවෙලොප්මන්ට් ස්ටඩීස් ආයතනය සහ USAID හි ආසියා පදනම ආදී ඉදිරිපෙළ ආයතන හරහා අධිරාජ්‍යවාදී අනුග්‍රහය සහිත බොහෝ ආයතන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. ජර්මනිය ෆෙඩ්‍රික් ඊබට් ස්ටීෆ්ට්, ෆෙඩ්‍රික් නියුමාන් ස්ටීෆ්ටන්ග් සහ කොන්රාඩ් ඇඩෙනුවර් ස්ටීෆ්ටන්ග් හරහා ක්‍රියාත්මකවන අතර, ඒ සියල්ලම කොමියුනිස්ට් විරෝධී ජර්මානු දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූ ආයතන වේ. ශ්‍රී ලංකා පදනම් ආයතනය, මාර්ග ආයතනය සහ ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතනය යන ආයතනයන්ට ඔවුන් අරමුදල් සපයයි. මෙම ශ්‍රී ලාංකීය සංවිධාන අතිශයින්ම වැදගත් ක්ෂේත්‍ර 3 ක් සඳහා අනුග්‍රහය දක්වයි: සංවර්ධන අධ්‍යයන, කාර්මික සම්බන්ධතා සහ පළාත් පාලනය. 
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගණිකා වෘත්තිය – ඇල්ප්ස් කඳුකරයේ සීතලෙන් ගල් වූ මාංශ වෙළඳාම පිළිබඳ තත්වය අපි ජනතාව ඉදිරියට ගෙන එන්නෙමු. මන්ද මේ මොහොතේ අරමුදල් ලබන විරෝධතාවයන් ඉහළ නැගෙමින් තිබේ, කනස්සලු සහගත පුවත්පත් සිරස්තල හා බෙදුම්වාදී නාටකීයත්වයන් ඉදිරියට වර්ධනය වනු ඇත.  ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ 52 වන වීදියේ සිට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගරයේ රුයී ද පාකුයිස් හි 52 විල්සන් මන්දිරය දක්වා නැවත කඳවුරු බඳිමින් සිටී. පසුගිය මාස කිහිපය තුළ මූල්‍ය ප්‍රවෘත්තිවල සඳහන් වූ සියල්ලම ණය ගෙවීම පිළිබඳව වූ අතර දැන් එය මෙතැන් සිට ‘මානව හිමිකම්’ දක්වා මාරුවනු ඇත.
  • පාක් ඇවනියු යනු බ්ලැක් රොක් සහ මෝගන්ස් (JP & ස්ටැන්ලි) ආදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමිකරුවන් සිටින ස්ථානයයි. බ්ලැක් රොක් යුනිලීවර් සමාගමේ විශාලතම කොටස් හිමියා ද විය යුතුයැයි සැළකේ. බ්ලැක් රොක් යනු ලොව විශාලතම වත්කම් කළමනාකරණ සමාගම වන අතර පොසිල ඉන්ධන සඳහා ලොව විශාලතම ආයෝජකයා ද වේ. කෙසේ වෙතත්, ‘තිරසර’, ‘සියලු දෙනාම ඇතුළත්කර ගන්නා’, ‘විවිධත්වයට ගරුකරන’ යුනිලීවර් සමාගමේ සුවිසල් බලය පවතින්නේ එම කාර්මික ශක්තිය තුළ අන්තර්ගතවය.
  • ජිනීවා නගරයේ රෙඩ් ලයිට් දිස්ත්‍රික්කයට උතුරින් පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ මූලස්ථානය විල්සන් මන්දිරයේ පිහිටා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පුරෝගාමී වූ ජාතීන්ගේ සංගමය පිහිට වූ ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන්ගේ නමින් විල්සන් මන්දිරය නම්කර තිබේ. මෙරට බොහෝ දෙනෙකුට කිසිදු ප්‍රයෝජනයක් නොලැබුණු ඩොලර් බිලියනයක ආරම්භක (බොහෝ දුරට පොලිය) ණය ගෙවීම පිළිබඳව සඳහන් වූ සති ගණනක සිරස්තලවලින් පසුව, අප දැන් සුද්දන්ගේ තර්ජනවලට යටවීමට නියමිතව සිටී. ඉතින් අපි උන්ගේ දේශනාවන්ට සවන් දිය යුත්තේ ඇයි? එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ බහුතර ජනතාවගේ පාලනය යටතට ගැනීම වෙනුවෙන් ගෝලීය සංස්කෘතික විප්ලවයක් ඇති කිරීමට ශ්‍රී ලංකාවට කාලය පැමිණ නැද්ද?
  • ඉන්දියානු වාර්තාකරු පී කේ බාලචන්ද්‍රන්ගේ ‘සිංහල සහ දෙමළ සෑම විටම එකිනෙකාට විරුද්ධවාදී නැත’ යන ශීර්ෂ පාඨය මගින් සියල්ල පැවසේ: එවැනි ගැටලු ජානවල මුල් බැසගත් ප්‍රාථමික ගැටලු නොවන බව පෙන්වා දීම වැදගත් ය. අප පෙන්වා දී ඇති පරිදි, අපේ සාමාගම් කතිප්‍යාධිකාරීන්ගේ  අධ්‍යක්ෂ මණ්ඩල සහ අනෙකුත් අහුමුලු සියල්ල බහු සංස්කෘතික පැහැයන්ගෙන් විචිත්‍රවත්ව තිබේ! 

වාණිජ වෙළඳපොලේ තමන්ගේ කොටස වෙනුවෙන් ‘ජනවාර්ගික’ ප්‍රතිවිරෝධතාවන් ප්‍රවර්ධනය කිරීමට පවා මෙම වෙළෙඳුන් එකඟ විය හැකියි. එසේ නම්, සියලුම ‘මිනිසුන්’ දැන් එකිනෙකාට විරුද්ධවාදීන් යැයි කියන්නේ ඇයි? ඉන්දියාවේ/චෙන්නායි හි කාර්මික නිෂ්පාදනයට අයත් ස්වදේශීය වෙළඳපොලට අපව කොටු කර ඇති බජාජ්කරණය හා ටාටාකරණය යනාදිය පිළිබඳව සහ අනෙකුත් යටින් පවතින ආර්ථික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ‘ලිබරල්වාදියෙකු’ යැයි කියන බාලචන්ද්‍රන් දිගින් දිගටම අසමත් වී තිබේ. ගැටලුව මෙයයි. සෑම විටම ‘ජනවාර්ගිකත්වය’ කතාකරන්නන් ජානගත තත්වයන් පිළිබඳව පවසමින් අපව දිගින් දිගටම අස්ථාවරව තියන්න කැමතියි.

  • ඩී. එස්. සේනානායකගේ නමේ ඩී එස් කියන එකේ තේරුම ඩොමීනියන් ස්ටේටස් කියන එකද නැත්නම්…?

1948 දී ලබා දුන් ඩොමීනියන් තත්වය නිසා 1972 දී ජනරජයක් වන තුරුම, අපට අපේම නීති සම්මත කරගැනීමට නොහැකි විය. 1972 ට පෙර, ඉඩම් ප්‍රතිසංස්කරණය, නවීන කාර්මීකරණය සඳහා වූ ආයෝජනය තුළින් ස්වාධීන ආර්ථිකයක් පිහිටුවීමේ උත්සාහයන් ලන්ඩනය මගින් ව්‍යර්ථ කරනු ලැබුවේ නීතීමය ක්‍රියාමාර්ගයන්ගෙන් පමණක් නොවේ – එහි දී ඝාතනවලට උත්සාහ කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ ත්‍රස්තවාදය භාවිතයට ගැනුණි.

ලියෝ ඇමරි යනු 20 වන සියවසේ මුල් භාගයේ “වඩාත්ම කල්පනාකාරී හා හෘද සාක්‍ෂියට එකඟ අධිරාජ්‍යවාදියා” ය. 1926 දී එංගලන්තයේ යටත්විජිත සහ අධිරාජ්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා වශයෙන්, ඔහු අන්තර් අධිරාජ්‍ය සබඳතා පිළිබඳ බෝල්ෆර් වාර්තාව සකස් කළ අතර, එම තීරණාත්මක සාකච්ඡාවන් අවසානයේ දී, ‘නිර්වචනය කරන වාක්‍යය’ හෝ ‘තත්වය අර්ථදැක්වීම’ තුළ පවතින නිදහසේ සම්බන්ධ වී ඇත යන්නෙන් ඇඟවෙන්නේ ‘විසිර යාමේ අයිතිය’ බව ද ඔහු පෙන්වා දුන්නේය…

ඩොමීනියන් තත්වය යනු ‘ස්වාධීනත්වයට වැඩි යමක්’ යන අර්ථය ඇතිව එම වාක්‍ය ඛණ්ඩය ඇමරි විසින් මුළින්ම භාවිතයට ගන්නා ලදි. මෙම සම්මත කරගත් වචන පටලැවීම් මේ කාලයේ තිබූ හොඳම ඒවාය. එම බොහෝ වචන සඳහා තේරුම් දෙකක්වත් තිබූ අතර අවශ්‍ය විටක තමන්ට අවශ්‍ය පරිදි හරවාගත හැකි විය. ඩොමීනියන් යනු ඒ වචනවලින් හොඳම එකකි. මුල්ම භාවිතයේ දී ඩොමීනියන් යන්නෙන් හැඟවූයේ ආධිපත්‍යකයා, ස්වාමියා, අධිපතියා සහ දේපල, හිමිකාරිත්වය, අධිකාරිය, ස්වෛරීභාවය, වැඩවසම් අධිපතියෙකුට අයත් ඉඩම්, රජුගේ පාලනයට යටත් වූවන් ආදී අර්ථයන්ය. වතු සහ යටත්විජිත ආදිය  ‘එතෙර පිහිටි රජුගේ ඩොමීනියන්’ විය…

කැනඩාවේ අගමැති විල්ෆ්‍රිඩ් ලෝරියර් 1907 දී අධිරාජ්‍ය සැකසීමේ සම්මන්ත්‍රණවල සාකච්ඡාවල දී කැනඩාවට ට්‍රිනිඩෑඩ් සහ බාබඩෝස් එකට එකතු කිරීම පිළිබඳව පැමිණිලි කළේය. එබැවින් 1907 දී වගකිව යුතු රජයක් සහිත යටත් විජිත සඳහා වූ සුවිශේෂී ලේබලය බවට ‘ඩොමීනියන්’ යන්න පත් විය. ඩොමීනියන් තත්වය යනු යටත්විජිත හා ස්වාධීන තත්වය අතර අතරමග තිබූ තත්වයකි. කැනඩාව 1926 න් පසු ‘ඩොමීනියන් ඔෆ් කැනඩා’ යන නම භාවිතා කිරීම නැවැත් වූ අතර, 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට එහි මුල් නම වූ කැනඩාව මගින් සම්බන්ධ විය. ඩොමීනියන් තත්වය ස්වෛරී තත්වයට සමාන යැයි නේරුට (මවුන්ට්බැටන්ගේ බිරිඳ එඩ්විනා සමඟ සම්බන්ධතා පැවැත් වූ) ඒත්තු ගැන්වීමට සමලිංගිකයෙකු වූ මවුන්ට්බැටන් සමත් විය.

බුරුමය මෙම තත්වය ප්‍රතික්ෂේප කළ අතර, පොදුරාජ්‍ය මණ්ඩලයෙන් පිටත බුරුම සමූහාණ්ඩුව ලෙස 1948 ජනවාරි 4 දින ඔවුන් නිදහස ලබා ගන්නා ලදි. මෙය අද දක්වාම මියන්මාරයට එරෙහිව ඉංග්‍රීසීන් තුළ දැඩි කෝපයක් ඇතිකර තිබේ.

‘තුන්වන ආසියානු ඩොමීනියන් රාජ්‍ය ලංකාවයි. 1926 දී පොදුරාජ්‍ය මණ්ඩල සබඳතා නිර්වචනය කර තිබූ හෙයින් මෙම තත්වය ලබාගත් පළමු යටත් විජිතය ලංකාව වන්නට ඇත. ලංකාව පළමුව ඩොමීනියන් තත්වයට පත් වූ අතර එය අන්තිමයා වීමට ද නියමිත විය… ඩොමීනියන් රාජ්‍යයකට යටත් විජිතයකට වඩා වැඩි නිදහසක් හිමිවූවත් ස්වාධීන රාජ්‍යයකට වඩා එහි ස්වාධීනත්වය අඩු ය. ඩොමීනියන් තත්වය යටත් විජිත තත්වය හා ස්වෛරීභාවය අතරමැද තත්වයක පැවති නමුත් 1931 දී වෙස්ට්මිනිස්ටර් ප්‍රඥප්තියෙන් පසුව එය තවත් පහළට වැටුණි… 1954 ජූලි මාසයේ දී යටත්විජිත රාජ්‍ය ඇමති හැරී හොප්කින්සන් මෙසේ අවංකව පිළිතුරු දී තිබුණි: “ඔවුන්ගේ විශේෂිත තත්වයන් හේතුවෙන් කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම ස්වාධීන වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි යම් නිශ්චිත රාජ්‍යයන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ තිබෙන බව සැම විටම අවබෝධ කරගෙන එකඟ වී තිබුණි.”’ –  ඩොමීනියන් තත්වයේ අසාමාන්‍ය අවසානය, W D මැකින්ටයර්

  • ‘ස්කැන්ඩිනේවියානුවන්ට අප්‍රිකාව සහ ආසියාව කෙරෙහි තමන්ගේ යටත්විජිතවාදයේ ඉතිහාසයක් නැතැයි’ ඔක්සෝනියානු අක්තපත්‍ර සහිත සන්ඩේ අයිලන්ඩ් තීරු ලේඛකයෙක් වාර්තා කළේය. සරලවම එය සත්‍යයක් නොවේ. ස්වීඩනය කෙටිකාලයක් අප්‍රිකාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරය අල්ලා ගෙන සිටියේය – ෆෝට් ක්‍රිස්ටියන්ස්බර්ග්/ ෆෝට් ෆ්‍රෙඩ්රික්ස්බර්ග් 1652-58, ෆෝට් බට්න්ස්ටයින් 1649-56, ෆෝට් විට්සන් 1653-58 සහ කැරොලස්බර්ග් 1650-63, සහ ඇමරිකාවේ සෙන්ට් බර්තලමි 1784-1878, නිව් ස්වීඩන් (දැන් ඩෙලවෙයාර්, ඇමරිකාවේ, 1638-55) ) සහ ටොබැගෝ (1733) ඔවුන් විසින් අල්ලාගෙන තිබුණි. ඉතින් මේ ඔක්සෝනියානු පත්තරකාරයා කියමින් සිටින දේ අනුව ගත් කල වැටහෙන පරිදි මෙරට සිටින තීරු ලිපි රචකයන් යනු ඔක්සෝනියානු පට්ටි ගවයින් වර්ගයක් ද?
  • බොහෝ දුරට එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කළ වහල් හිමිකරුවෙකු සහ මනස විකාර වූ සුද්දෙක්වන ජේම්ස් මැඩිසන්, ඇමරිකාව වහලුන් තබාගෙන සිටින බව සඳහන් නොකිරීමට ප්‍රවේශම් වූ අයෙකි. මුල් එක්සත් ජනපද ව්‍යවස්ථාව තුළ මිනිසුන්ව වහල්භාවයට ගෙන යාම හෝ වෙළඳාම් කිරීම වලක්වා නැත. ඇමරිකාවේ ආරම්භක පියවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදය නරක වචනයක් වූ අතර එක්සත් ජනපදයට තවමත් එය එසේමය.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් ‘සියල්ලන්ම සමානව නිර්මාණය කොට ඇතැයි’ හෝ ‘සියල්ලන්ටම ජීවිතය, නිදහස සහ සතුට සඳහා හඹායාමේ අයිතිය හිමියැයි’ සහතික නොවේ. 1865 දී පුද්ගලික වහල්ක්‍රමය නිල වශයෙන් අහෝසි කරන විටත්, එක්සත් ජනපදය තවදුරටත් සිරමැදිරි තුළ ඒ සඳහා අවසරය ලබා දුන් අතර, කළු ජාතිකයා යනු සුදු ජාතිකයෙකුගෙන් 2/3 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ (ඩ්‍රෙඩ් ස්කොට් නඩුව). ඉතින් වැඩිපුරම සිරගතව සිටින්නේ කවුරුන්ද? සිරගත වී සිටින සුදු ජාතිකයින්ට සාපේක්ෂව කළු ජාතිකයින්ට කොපමණ මුදලක් ගෙවනවාද? සුදු ජාතිකයින් අතර පන්ති වෙනස්කම් මැකීම සඳහා හේතු වූ මනෝවිද්‍යාත්මක වැටුප ඩුබොයිස් හැඳින්වූයේ වාර්ගික වරප්‍රසාදයක් ලෙසයි.  

  • ලිබරල්වාදය ලස්සන වචනයක්වන නමුත් එහි වෙස් මුහුණ පිටුපසින් කෘර භීතිය සැඟව තිබේ. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්, ළමයින් සහ සුළු ජාතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් යළිත් මිනිසුන් ඝාතනය කරන බව කියා සිටින බයිඩන් දෙස බලන්න! කාබුල් විශ්ව විද්‍යාලයට යන කාන්තාවන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කළ සහ කොමියුනිස්ට්වාදීන් මරාදැමූ මෙන්ම ඇමරිකානු මාධ්‍ය විසින් ත්‍රස්තවාදියෙක් ලෙස ද හැඳින් වූ ජී හෙක්මාතායාර්ව ‘නිදහස් සටන්කාමියෙකු’ ලෙස හඳුන්වා දී බයිඩන් ධවල මන්දිරයට ආරාධනා කළේය.
  • ඩොමිනිකෝ ලොසුර්ඩෝගේ ලිබරල්වාදය නම් කෘතිය: ප්‍රති-ඉතිහාසය, ලිබරල්වාදය සහ වහල්භාවය එකිනෙක සම්බන්ධ කරයි. ඊනියා ලිබරල්වාදයේ පියා ලෙස සැලකෙන ජෝන් ලොක් (අප්‍රිකානු) පුද්ගල වහල්ක්‍රමයේ කුප්‍රකට ප්‍රවර්ධකයෙකි. ජෝශප් ස්ටාලින් පිළිබඳ ලොසුර්ඩෝගේ කෘතිය සෝවියට් නායකයා වීරයාගේ සිට දුෂ්ටයා බවට පත් වූ ආකාරය පැහැදිළි කරයි (බලවත් නාසි යුද යන්ත්‍රයේ පරාජයට නායකත්වය දුන් ස්ටාලින් 1940 ගණන්වල දී තුන් වතාවක් ටයිම් සඟරාවේ කවරයේ කතාව බවට පත්විය). ජර්මානුවන් රුසියානුවන්ව ඝාතනය කිරීම ගැනත් රුසියානුවන් ජර්මානුවන්ව ඝාතනය කිරීම ගැනත් ඉංග්‍රීසීන් සහ එක්සත් ජනපදය බෙහෙවින් සතුටු විය. (බලන්න ee විශේෂාංගය) 
  • In Praise of Communism – by Bertolt Brecht

It is reasonable. You can grasp it. It’s simple.

You’re no exploiter, so you’ll understand.

It is good for you. Look into it.

Stupid men call it stupid, and the dirty call it dirty.

It is against dirt and against stupidity.

The exploiters call it a crime.

But we know:

It is the end of all crime.

It is not madness but

The end of madness.

It is not chaos,

But order.

It is the simple thing

That’s hard to do.

_____________

B. විශේෂාංග

B1. මාක්ස් සහ යන්ත්‍ර නිපදවන යන්ත්‍ර 

  • යන්ත්‍ර නිපදවීම, නූතන දේශපාලන ආර්ථිකය පූර්ව කාර්මීකරණ යුගයන්ගෙන් (අත්කම්, නිෂ්පාදන, එකලස් කිරීම) වෙන් කරයි. යන්ත්‍ර මගින් යන්ත්‍ර නිපදවන විට ඇත්ත වශයෙන්ම නූතන කර්මාන්ත ආරම්භ වේ.

හෝමෝ ෆේබර් හෙවත් මෙවලම් සාදන සතුන් වශයෙන් මිනිසුන්ව සුවිශේෂීව වෙන්කොට හඳුනාගැනීම පිළිබඳව මාක්ස් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ට ගෞරව කළේය. විලියම් පෙටී, රිචඩ් කැන්ටිලන්, ෆිසියොක්‍රැට්වරුන්, ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ ආදී වශයෙන් – දේශපාලන ආර්ථිකයේ අනෙකුත් ආරම්භක ‘පියවරුන්’ කෙරෙහි ද ඔහු ගෞරවය පුද කළේය. නමුත් තීරණාත්මක නවීකාරකය ‘නූතනත්වය’ වන අතර එහි තීරණාත්මක භාවිතය ‘යන්ත්‍ර-නිපදවීම’ යි. අපේ යටත් විජිත ආනයන මාධ්‍ය මගින් එකලස් කිරීම, නිෂ්පාදනය ආදිය ප්‍රවර්‍ධනය කෙරේ. යන්ත්‍ර සහ ඒ යන්ත්‍රවලට අවශ්‍ය ඉන්ධන සඳහා අපගේ ආනයන වියදම් ඉතාම විශාල ය.

මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ පළමු වෙළුමේ ඇති ‘යාන්ත්‍රික නිෂ්පාදනය’ පිළිබඳව ඇති 15 වන පරිච්ඡේදය එම කෘතියේ දිගුම පරිච්ඡේදය විය හැකි අතර, එහි  පාද සටහන් 246 ක් පමණ තිබේ. ඔහු යාන්ත්‍රික කර්මාන්ත නූතන යුගය පෙර යුගයන්ගෙන් වෙන්වන වැදගත්ම වෙනස ලෙස සළකුණු කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගල වහල්භාවයෙන් මිදීමට අප්‍රිකානුවන් කළ අරගල සඳහා ද යන්ත්‍ර නිපදවීම මගින් විශාල අනුබලයක් ලැබුණි. අධ්‍යාපනය පිළිබඳව සහ කම්කරුවන්ට අධ්‍යාපනය වැළැක්වීම පිළිබඳව ද 15 වන පරිච්ඡේදයේ බොහෝ දේ තිබේ. නූතන කර්මාන්ත යුගය සළකුණු කරමින් මාක්ස් උපාංග නිපදවීම නොව යන්ත්‍ර සහ යන්ත්‍ර සාදන උපාංග කෙරෙහි මූලික අවධානය යොමු කළේය. නූතන කර්මාන්ත තුළ දී කිසි විටෙකවත් පවතින නිෂ්පාදන ක්‍රියාවලියක් එහි දියුණුම තත්වය වශයෙන් නොසළකන නිසා එය සැමවිටම විප්ලවීය වේ. එස් බී ඩී සිල්වා පැවසූ පරිදි: එකලස් කිරීමට හා නිෂ්පාදනය කිරීමට වෙනස්ව නූතන කර්මාන්තයේ දී “එක් දෙයක් තවත් දෙයකට මඟ පාදයි”.

1846-66 දක්වා වූ කාලය වේගවත් නූතන කර්මාන්ත ආරම්භය වශයෙන් මාක්ස් දක්වයි.

මාකස් මෙසේ සඳහන් කරයි: ‘පසුගිය වසර 15 තුළ (එනම් 1850 සිට), මෙම යාන්ත්‍රික උපාංග වලින් වැඩි කොටසක් එංගලන්තයේ යන්ත්‍ර සූත්‍ර මඟින් නිපදවා ඇති අතර, ඒ සඳහා සම්බන්ධ වී ඇත්තේ යන්ත්‍ර නිපදවන නිෂ්පාදකයින්ම නොවේ. මෙම යාන්ත්‍රික උපාංග නිපදවීම සඳහා යන්ත්‍ර යොදා ගන්නා අවස්ථා නම්, ස්වයංක්‍රීය බොබින් සෑදීමේ එන්ජිම, කාඩ්පත් සැකසීමේ එන්ජිම, ෂටල සෑදීමේ යන්ත්‍ර සහ දෘඩ ත්‍රොස්ටල් දඟර සෑදීම සඳහා වූ යන්ත්‍ර ආදිය සෑදීමේ අවස්ථාවන් ය.’

‘පාරිභෝගික භාණ්ඩ මිල අඩු කිරීමට සහ අතිරික්ත වටිනාකම නිපදවීමට යන්ත්‍රෝපකරණ භාවිතා කිරීමෙන් ශ්‍රම ඵලදායිතාව ඉහළ නංවා ගැනේ. යන්ත්‍ර අතිරික්ත වටිනාකමක් ඇති කරවන්නේ ධනපතියා සඳහා වැඩ කරන පැය ගණන වැඩි කරන අතරම සේවකයෙකු තමන් වැඩ කරන පැය ගණන අඩු කිරීමෙන් ය.’

ශ්‍රම බලය පාලනය කිරීමත් සමඟම නිෂ්පාදන විප්ලවය ආරම්භ වූ අතර, යාන්ත්‍රික කර්මාන්ත විප්ලවය ආරම්භවූයේ මෙවලම් යන්ත්‍ර බවට පත්කරන අත්කම් මෙවලම් වෙනුවෙන් යන්ත්‍ර භාවිතයට ගන්නා  ශ්‍රම උපකරණ වලිනි. යන්ත්‍රවල නව නිපැයුම් හරහා වාෂ්ප එන්ජිමේ විප්ලවයක් අනිවාර්ය විය. පේටන්ට් බලපත්‍රයේ පිරිවිතරයන් තුළ වොට්ගේ සියුම් දක්ෂතාවය පෙන්නුම් කෙරේ. වොට්ගේ වාෂ්ප එන්ජිම නිශ්චිත අරමුණක් සඳහා වූ සොයාගැනීමක් පමණක් නොව යාන්ත්‍රික කර්මාන්ත සඳහා පොදුවේ අදාළ වූවක් යැයි ද එහි දී විස්තර කෙරෙන අතර, එමගින් ලබාගත හැකි භාවිතයන් පිළිබඳව ද පෙන්වා දෙයි. එම භාවිතයන් බොහෝමයක් සියවස් භාගයකට පසුවවත් හඳුන්වා දෙනු ලැබුවේ නැත. වැඩි කල් යන්නට මත්තෙන්, එක් ආකාරයක තනි තනි යන්ත්‍ර ගණනාවකින් සංයුක්ත වූ සංකීර්ණ යන්ත්‍රෝපකරණ පද්ධතියක් බවට එය පත්කර තිබේ.

ලියුම් කවර සෑදීමේ දී, එක් මිනිසෙක් කඩදාසි නැවීමේ උපාංගයකින් කඩදාසි නවයි.  තවත් අයෙකු ගම් ආලේප කරයි. තුන් වැන්නෙක් තද කිරීමේ උපාංගයක් මත එය අනිත් පැත්ත පෙරළා තබයි. සිව්වැන්නෙක් උපාංගය තද කරයි. මෙම සෑම මෙහෙයුමක් සඳහාම ලියුම් කවරය අතින් අත ගමන්කරයි. පසුව එය දැවැන්ත වෙනස් කිරීමකට ලක්විය. යාන්ත්‍රික කර්මාන්තකරණය මගින් එක් තනි ලියුම් කවර සෑදීමේ යන්ත්‍රයකින් වේගයෙන් මෙම සියලුම මෙහෙයුම් සිදුකර පැයකින් ලියුම් කවර දහස් ගණනක් නිපදවයි.

ලංකාවේ ව්‍යාජ ඇඟලුම් ව්‍යාපාරය තුළ යුරෝපයේ පෙර පැවති ආකාරයට එක හා සමාන අයුරින් එකවර ක්‍රියා කරන යන්ත්‍ර රාශියක් එකම ස්ථානයක ස්ථානගතකර තිබේ. යුරෝපයේ දී නිෂ්පාදනයේ විවිධ කම්කරුවන්ගේ සුවිශේෂී උපාංග විශේෂිත යන්ත්‍රවල උපාංග බවට පරිවර්තනය කරන ලද අතර, එහි දී සෑම යන්ත්‍රයක්ම පද්ධතිය තුළ විශේෂ කාර්‍යයක් සහිත විශේෂ අවයවයක් බවට පත් කෙරුණි.  එවැනි යාන්ත්‍රක කර්මාන්ත තුළ පෙර පැවති ක්‍රියාවලි අඛණ්ඩව පවත්වා ගැනීමට යන්ත්‍ර, රසායන විද්‍යාව යනාදිය හරහා මිනිස් දෑත් ප්‍රතිස්ථාපනය කරන ලදී. යන්ත්‍ර සාදන්නන්ගේ වැඩපොළක ඇතැම් කොටස් තවමත් සේවකයෙකු විසින් හැසිරවීමට අවශ්‍ය වන අතර, අනෙක් සියල්ල ස්වයංක්‍රීයකරණය කරන ලදී. අමුද්‍රව්‍ය සැකසීම සඳහා අවශ්‍ය සියලුම චලනයන් යන්ත්‍රයක් මගින් පමණක් සිදු කළ පසුව සහ අමුද්‍රව්‍ය සකසන යන්ත්‍රයකින් පමණක් අවශ්‍ය සියලුම චලනයන් සිදු කළ පසුව වැඩ නැවැත්වීම සහ ආරම්භ කිරීමට ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ පද්ධතියක් ප්‍රමාණවත් වනු ඇත.

ප්‍රසිද්ධ නව නිපැයුම් ප්‍රායෝගික වූයේ නිෂ්පාදන යුගය තුළ නිපුන කාර්මිකයින් බොහෝදෙනෙකු විසින් නිෂ්පාදනය සිදුකර ඇති බැවිනි.

නිෂ්පාදනය හරහා යන්ත්‍රෝපකරණ නිපදවන ලද අතර, නවීන කර්මාන්ත මඟින් අත්කම් භාණ්ඩ හා නිෂ්පාදන ක්‍රම අහෝසි කරන ලදී…

යන්ත්‍රෝපකරණ කර්මාන්ත ව්‍යාප්තිය රඳා පැවතුනේ වැඩෙන කම්කරු පන්තියක් මත වූ අතර, ඔවුන්ගේ රැකියාවල ශිල්පීය ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කළ හැකි විය.

නමුත් විශේෂයෙන්ම වඩාත් කාර්මික හා කෘෂිකාර්මික නිෂ්පාදන මාදිලිවල ඇති වූ විප්ලවය හේතුවෙන්, නිෂ්පාදන ක්‍රියාවලියේ සමාජ ක්‍රියාවලිය තුළ පවතින පොදු තත්වයන්, එනම් සන්නිවේදන හා ප්‍රවාහන මාධ්‍ය තුළ විප්ලවයක් ඇති කළේය. කෘෂිකර්මාන්තයේ සුළු පරිමාණ අනුබද්ධ දේශීය කර්මාන්ත හා නාගරික අත්කම් භාණ්ඩ සමඟ තිබූ සන්නිවේදන හා ප්‍රවාහන මාධ්‍ය නිෂ්පාදන යුගයේ නිෂ්පාදන අවශ්‍යතාවන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. සමාජයීය ශ්‍රමය එහි පුලුල් ශ්‍රම විභජනය, එහි ශ්‍රම උපකරණ හා කම්කරුවන්ගේ සාන්ද්‍රණය සහ එහි යටත්විජිත වෙළඳපොලවල් සමඟ සත්‍ය වශයෙන්ම විප්ලවීය විය… යාත්‍රා ඉදිකිරීම් තුළ හඳුන්වා දුන් රැඩිකල් වෙනස්කම් හැරෙන්නට, සන්නිවේදන හා ප්‍රවාහන මාධ්‍යයන් යාන්ත්‍රික කර්මාන්ත නිෂ්පාදන ක්‍රමයන්ට ක්‍රමයෙන් අනුවර්තනය වූයේ, ගංගාවල ගමන් කරන වාෂ්ප නැව්, දුම්රිය, සාගරයේ ගමන්කරන වාෂ්ප නැව් සහ විදුලි පණිවුඩ ආදී දැවැන්ත පද්ධතියක් නිර්මාණය කිරීමෙනි.

නමුත් කාර්මික නිෂ්පාදන යුගයේ ඉදිකිරීම් ක්‍රම වෙනුවෙන් සයික්ලොපියානු යන්ත්‍රවලට අවශ්‍ය වූ වෑල්ඩින් කළ යුතු හා කපා හැඩ ගැසිය යුතු විශාල යකඩ ප්‍රමාණය එම ඉදිකිරීම් යුගයේ දී කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

එමනිසා නවීන කාර්මික කර්මාන්තයට එහි ලාක්ෂණික නිෂ්පාදන මෙවලම වූ යන්ත්‍රය භාවිතයට ගෙන යන්ත්‍ර මඟින් යන්ත්‍ර තැනීමට සිදු විය. තමන්ටම ගැලපෙන තාක්‍ෂණික පදනමක් තමන් විසින්ම ගොඩනඟාගත් කාර්මික නිෂ්පාදනය තම දෙපයින්ම නැගී සිටියේය. මේ සියවසේ මුල් දශක කිහිපය තුළ වැඩි වැඩියෙන් භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර මගින් ක්‍රමාණුකූලව නිසි පරිදි යන්ත්‍ර සූත්‍ර නිපදවීම සිදුවිය. නමුත් 1866ට දශකයකට පෙර මහා පරිමාණ දුම්රිය මාර්ග සහ සාගර වාෂ්ප නැව් ඉදිකිරීම්වල දී දැන් භාවිතා කරන ලද සයික්ලෝපියානු යන්ත්‍ර භාවිතාකර තිබේ.

රැකියාව, කවි හා දර්ශනය පිළිබඳ සිත්ගන්නා සුළු සාකච්ඡාවක්: ‘මේ නූතන කර්මාන්ත ඉතිහාසයේ එය කැපී පෙනෙන සංසිද්ධියකි: වැඩ කරන දින කාලය සම්බන්ධ සෑම සදාචාරාත්මක හා ස්වභාවික බාධාවක්ම යන්ත්‍රෝපකරණ මගින් ඉවත්කර දමයි. එබැවින්, වැඩ කරන කාලය කෙටි කිරීමේ බලවත්ම උපකරණය කම්කරුවාගේ සහ ඔහුගේ පවුලේ සෑම මොහොතක්ම ධනපතියාගේ ප්‍රාග්ධනයේ වටිනාකම පුළුල් කිරීමේ අරමුණින් ධනපතියාගේ අතට පත් වඩාත්ම සාර්ථක මාධ්‍යයක් බවට පත් වීමේ ආර්ථික පරස්පර විරෝධයක් ද වේ. – ග්‍රීක පෞරාණිකත්වයේ ශ්‍රේෂ්ඨතම චින්තකයා වූ ඇරිස්ටෝටල් සිහින මැව් පරිදි – “නම්” – ඩෙයිඩලස්ගේ නිර්‍මාණ තමන් විසින්ම චලනය වූවාක් මෙන් හෝ හෙෆෙස්ටෝස්හි ත්‍රිපාදය තම පූජනීය මෙහෙවරට තමන්ගේ කැමැත්තෙන්ම යොමුවූවාක් මෙන්,කැඳ වූ විට සෑම මෙවලමකටම තමන්ගේම කැමැත්තෙන් එයට නියමිත කාර්යය කළ හැකි නම්, වියන්නන්ගේ ෂටලයන් තමන් විසින්ම වියනු ලබන්නේ නම්, ප්‍රධාන සේවකයින් සඳහා ආධුනිකයින් හෝ ස්වාමිවරුන් සඳහා වහලුන් අවශ්‍ය නොවේ.” සිසෙරෝගේ කාලයේ ග්‍රීක කවියෙකු වූ ඇන්ටිපැට්‍රෝස්, සියලු යන්ත්‍රෝපකරණ වල මූලික ස්වරූපය වූ බඩ ඉරිඟු ඇඹරීම සඳහා ජල රෝද සොයා ගැනීම පිළිබඳව එමගින් වහල් සේවිකාවන් සඳහා නිදහස ලබා දීමක් ලෙසත් ස්වර්ණමය යුගය නැවත ගෙන ඒමක් ලෙසත්  ප්‍රශංසා කළේය.

..

ඔහ්! ඒ මිලේච්ඡයින්! දේශපාලන ආර්ථිකය සහ ක්‍රිස්තියානි ආගම ගැන කිසිවක් ඔවුන් තේරුම් ගෙන නැහැ. වැඩ කරන දිනය දික් කිරීමේ විශ්වාසදායකම මාධ්‍ය යන්ත්‍රෝපකරණ බව ඔවුන් තේරුම් ගෙන නැහැ. ඔවුන් එක් ආකාරයක වහල්ක්‍රමයට ඉඩ දුන්නේ සමහර විට එය අයෙකුගේ පූර්ණ සංවර්‍ධනය සඳහා වූ උපක්‍රමයක් වශයෙන් විය හැකියි. එහෙත් බොළඳ හා අර්ධ අධ්‍යාපනයක් ලැබූ අලුත් පොහොසතුන් සමහරක් “කීර්තිමත් නූල්කටින්නන්”,  “දිගු සොසේජ් සාදන්නන්”, සහ “බලගතු සපත්තු වෙළෙන්දන්” බවට පත්කරවීමට ජනතාවගේ වහල්භාවය පිළිබඳව දේශනා කරයි, ඔවුන්ට ක්‍රිස්තියානි ආගමේ ගැටිත්තක් නොතිබුණි. ‘[මෙහි’ ගැටිත්ත ‘යන්නෙන් අදහස් කරන්නේ මොළය ද?  ’

(උපුටා ගැනීම මාක්ස්ගේ ප්‍රාග්ධනය, වෙළුම 1, පරිච්ඡේදය 15: ‘යන්ත්‍රෝපකරණ සහ නවීන කර්මාන්ත (1 වන කොටස: යන්ත්‍රෝපකරණ සංවර්ධනය’)

____________

B2. පළමු සමාජවාදී කාර්මීකරණය  

  • ‘අපට කාර්මීකරණය අවශ්‍ය වෙන්නේ බලය වෙනුවෙන් නොවේ. කාර්මීකරණය අපට අවශ්‍යවන්නේ දිළිඳුකමේ සාපයෙන් මිදීමට ඇති එකම මාර්ගය එය වීම නිසා ය. උසස් ජීවන රටාවක් වෙනුවෙන් සහ අපගේ ජනතාව ප්‍රමාණවත් ආහාර නොමැතිකමින් හා නින්දිත තත්වයේ ඇති නිවාසවලින් නිදහස්ව, අපේ සුන්දර රට භුක්ති විඳීමටත් විවේකය සහ නිස්කලංකභාවය ලබා ගැනීමටත්, තමන් කැමති ආකාරයට තම සංස්කෘතිය දියුණු කර ගැනීමටත් ඇති එකම ක්‍රමය කාර්මීකරණයයි.’ – පිලිප් ගුණවර්ධන
  • තමන්ගේ භාණ්ඩ ආනයනය කරන්නන්ගේ අති සුඛෝපභෝගී ජීවිතය වෙනුවෙන් ගෙවීමට එක්සත් ජනපදය සහ ඉංග්‍රීසි බැංකු අපෙන් ඩොලර් බිලියන 1 ක් සොරකම් කළ දිනය සුදු ජූලි 27 දාය! තවත් බිලියන කිහිපයක් ගෙවීමට ද තිබේ!  එබැවින් මෙම නොනවතින ණය ගෙවීම නූතන කාර්මීකරණය යනුවෙන් ඇත්තෙන්ම අදහස් කරන්නේ කුමක්දැයි මෙනෙහි කිරීමට ඉතාම හොඳ කාලයකි: අපි සුදු ජාතිකයින්ගේ බැංකු වලට මේතරම් ණය විය යුතු යැයි අඬන එක් ආර්ථික විද්‍යාඥයෙකුවත් කිසි විටෙක අපේ ආර්ථිකය නිදහස්කර ගැනීමට පිළිතුරක් ලෙස නූතන කාර්මීක නිෂ්පාදනය යෝජනා කරන්නේ නැත. ඉක්මනින් ණය ගෙවීමට ක්‍රමයක්! ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු මහාචාර්යවරයෙකු මෙම නූතන කාර්මීකරණ විෂය උගන්වන්නේ නැත.

  • ශ්‍රී ලංකාවේ ඉන්දියානු ප්‍රජාවේ චෙට්ටියාර් ව්‍යාපාරික නායකයින් 1927 දී ගාන්ධිට සහ 1939 දී නේරුට ශ්‍රී ලංකාවේ දේශපාලනයට මැදිහත් වන ලෙස කළ ආයාචනා ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන දෙකක දී සිදු විය.

සුදු ජාතික බැංකු අතර ආරක්‍ෂක බෆරය ලෙස සිටි චෙට්ටියාර් ණය පොලීකරුවන්ගේ භූමිකාව 1927 දී අභියෝගයට ලක් විය. 1939 දී ලංකා බැංකුව පිහිටුවන ලද අතර, ඉංග්‍රීසි ජාතිකයින්ට සහ මෙහි සිටින ඔවුන්ගේ බහු සංස්කෘතික රූකඩයින්ට බැංකුව නවීන කර්මාන්ත සඳහා ආයෝජනය කිරීමෙන් වලක්වා ගැනීමට අවශ්‍ය විය.

පසුගිය සතියේ ද අයිලන්ඩ් පුවත්පත මගින් ‘ශ්‍රීමත්’ අර්නස්ට් ද සිල්වා (දැන් ඔහුගේ නමින් ෆ්ලවරෝඩ් මාවත නම්කර තිබේ) සමරනු ලැබීය. එංගලන්තය විසින් ලංකා බැංකුවේ පළමු සභාපතිවරයා ලෙස පත්කළ ඔහු ‘රත්ගම ලයාර්ඩ්වරයා (ස්කොට්ලන්තයේ ගම්බිම් හිමියා හඳුන්වන තනතරු නාමයක්)’ යැයි අමතමින් එංගලන්තයේ රැජින 1946 දී ඔහුව ඇයගේ නයිට්වරයෙකු ලෙස පත් කළාය! ලංකා බැංකුව මේ සතියේ දැවැන්ත ලාභයක් නිවේදනය කළා නේද? නමුත් ඒ ලාභ කුමක් සඳහා ලැබූවක් ද?

එබැවින්, යක්ෂයින් බවට පත්කොට ඉතිහාසයෙන් මකා දමනු ලැබූ ශ්‍රී ලංකාවට අවශ්‍ය දේ නිවැරදිවම දැන සිටි නායකයින්ගේ හා විද්වතුන්ගේ කැපවීම් අපි සිහිපත් කරමු: අනගාරික ධර්මපාල, ඩී ජේ විමලසුරේන්ද්‍ර, ජී වී එස් ද සිල්වා, පිලිප් ගුණවර්ධන සහ එස් බී ඩී ද සිල්වා. විදේශයන්හි දී අපට කාල් මාක්ස් සහ එංගල්ස්, වී අයි ලෙනින්, ජෝසප් ස්ටාලින්, මාවෝ සේතුංගෙන් ඉගෙන ගත හැකිය:

චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) මාක්ස් ලෙනින්වාදය පිළිගන්නේ ඇයි? අපත් එය පිළිගත යුත්තේ ඇයි? ලෙනින්වාදයේ මූලික මූලධර්ම මුලින්ම සකස් කළ ස්ටාලින් එය අධිරාජ්‍යවාදයේ හා නිර්ධන පන්ති විප්ලවීය යුගයේ මාක්ස්වාදය ලෙස විස්තර කළේය. ඉතින්, මුළු මහත් සුද්දන්ගේ ලෝකයම ඔහුව යක්ෂයෙක් ලෙස හඳුන්වන විට අප ස්ටාලින් පිළිබඳව සාකච්ඡා කරන්නේ ඇයි?

පළමුවෙන්ම, අපි අපේ රට කාර්මීකරණය කිරීමට උනන්දුවක් දක්වන අතර, අපට තිබෙන ප්‍රධාන ආකෘති පිළිබඳව සොයා බැලිය යුතුය. ධනේශ්වර කාර්මීකරණය පිළිබඳ මාක්ස්ගේ විශ්ලේෂණය සෝවියට් තත්වයන්ට අනුවර්තනය කිරීමට උත්සාහ කළ ප්‍රථම මාක්ස්වාදියා ජෝසප් ස්ටාලින් ය. ආර්ථික නවීකරණය සහ කාර්මීකරණය සඳහා මුල් සැලැස්මක් සකස් කළේ ස්ටාලින්ගේ නායකත්වය යි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ලී නගුල භාවිතා කිරීමේ සිට න්‍යෂ්ඨික බලයක් බවට පත් කිරීමට ඔහු නායකත්වය දුන්නේය. ඔහු මානව ඉතිහාසයේ ‘බලයේ සිටින’ සමාජවාදයේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා බවට පත්විය. මාක්ස්, ලෙනින් සහ සභාපති මාඕ අතර නැති වූ සම්බන්ධය ස්ටාලින් ය.

කාර්මිකකරණය සහ ග්‍රාමීය කෘෂි සාමූහිකකරණය යන දෙකම මෙහෙයවීමේ සෝවියට් රුසියානු ප්‍රතිපත්තියත්, 1928-37 පස් වසර සැලසුම් දෙකත් ඔවුන්ගේ නායකයා වූ ජෝසප් ස්ටාලින් යටතේ ක්‍රියාත්මක විය. 1927 දෙසැම්බරයේ දී සෝවියට් රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ 15 වන සම්මේලනය මගින් ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තියේ අවසානය සනිටුහන් විය. ධනපති ලෝකය ඔවුන්ගේ මහා ආර්ථික අවපාතයෙන් පීඩා විඳිමින් සිටින අතරතුර ජෝසප් ස්ටාලින්ගේ නායකත්වය කිසිවක්ම නොමැති තත්වයක සිට බැර කර්මාන්ත දහස් ගණනින් පිහිටුවා විදුලිය උත්පාදනය කර 1937 වන විට නිෂ්පාදනය 4 ගුණයකින් වැඩි කරන ලදී.   

රුසියානු ගොවිතැන් ක්‍රම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ආර්ථික ආතතීන් ද ඇති විය. 19වන සියවසේ සිට 1930 දක්වා රුසියාවේ ග්‍රාමීය සාගත සාමාන්‍ය දෙයක් වී තිබුණි. සාගතයන් මගින් 1905 සහ 1917 විප්ලවයන් උග්‍ර කළ අතර නව සෝවියට් ප්‍රතිපත්ති (1918-20, 1920-21, 1927-28) ද දැඩි පීඩාවට ලක්කරවිය. යටත්විජිත ව්‍යාප්තිය සහ ජාත්‍යන්තර ණය ආදී ධනේශ්වර රැස් කිරීමේ ප්‍රාග්ධනය නොමැතිව සාක්‍ෂාත් කරගත යුතු වූ කාර්මිකකරණය ආහාර නිෂ්පාදනයට ද බලපෑවේය.  

කාර්මිකකරණයට අභ්‍යන්තර හෝ සමාජවාදී සමුච්ඡනය මත විශ්වාසය තැබීමට සිදු විය: එබැවින් කර්මාන්ත සඳහා නැවත මුදල් ගලා ඒම සහතික කිරීමට ඉහළ බදු පැනවීමට සිදුවීම නිසා නිෂ්පාදනය කරන භාණ්ඩ වැඩි ප්‍රමාණයකට ඉහළ මිලක් නියම කිරීමට සිදුවිය. ධනේශ්වර ප්‍රචාරකයින් විසින් ඔවුන්ගේ අසාර්ථකවීම් ඉස්මතු කරනු ලැබූව ද, ධනවාදයේ මහා ආර්ථික අවපාතය මධ්‍යයේ රුසියාව සැලකිය යුතු ජයග්‍රහණයන් අත්කරගනු ලැබීය. ඇත්ත වශයෙන්ම, මහා අවපාතය යනු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ප්‍රගතිය බිඳ දැමීමට ගත් උත්සාහයක් ද විය හැකිය. අද, එක්සත් ජනපදය භාණ්ඩ මිල ඉහළ නැංවීම සහ චීනය අඩපණ කිරීම සඳහා කෘතීම උද්ධමනයක් අපේ ලෝකයට අපනයනය කරමින් සිටී.  

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේදී කෘෂිකාර්මික භාණ්ඩවල මිල අඩු විය. විශේෂයෙන්ම මිලියන ගණනක් ජනයා ගම්බද පළාත්වල සිට නව කර්මාන්තවල රැකියා සඳහා නගරවලට පැමිණීම නිසා කාර්මිකකරණයේ ඇති වූ දැඩි වේගය කෘෂිකර්මාන්තය පසුබෑමකට ලක් කළ බැවින් කාර්මීකරණය වෙනුවෙන් බලවත් ධාන්‍ය අවශ්‍යතා ඇති විය. කුඩා ගොවීන් ප්‍රවර්ධනය කිරීමේ ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය අතහැර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව 1929 නොවැම්බරයේ දී කෘෂි සාමූහිකකරණය වේගවත් කරන ලදී. 1928 වන විට කෘෂිකර්මාන්තයෙන් සාමූහිකකරණය කොට තිබුණේ 1% ක් පමණි; 1937 වන විට වැඩි අස්වැන්නක් සහතික කිරීම සඳහා කෘෂි ආයෝජන වැඩි කිරීම හා වගා කරන ලද ඉඩම් ප්‍රමාණය වැඩි කිරීම වෙනුවෙන් 95%ට වඩා වැඩි ප්‍රමාණයක් කෘෂි බිම් සාමූහිකකරණයකර යාන්ත්‍රිකකරණය ඉහළ නංවන ලදී.

සෝවියට් සමූහාණ්ඩුවේ නව ජීවිතයක් ගොඩනැගීම බහුතරයක් විසින් උනන්දුවෙන් වැළඳ ගනු ලැබීය. රැකියා විශාල වශයෙන් ඇති වූ අතර, විරැකියාව අතුරුදහන් විය (සහ ඒ සමඟ විරැකියා රක්‍ෂණය), පූර්ණ සමාජ රක්‍ෂණ හා විශ්‍රාම වැටුප් සෑම දෙනාටම ලැබුණි. නිදහස් සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය සෑම දෙනාටම ලැබුණි. සාක්ෂරතාවය සෑම දෙනාටම ලැබුණි. පුස්තකාලවල සිට සිනමාහල් දක්වා සංස්කෘතික ආයතන සාපේක්ෂව පුළුල් විය. කාන්තාවන් විමුක්තිය ලැබ ශ්‍රම බලකායට නිදහස් විය (තවමත් අධික ගෘහස්ත බරක් දරමින් සිටිය ද), කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ද්‍රව්‍යමය තත්වය සාමාන්‍යයෙන් බොහෝ සේ වර්ධනය විය. ළදරු මරණ පහළ වැටුණු අතර උපත් අනුපාතය සහ ආයු අපේක්ෂාව ද ඉහළ නැගුණි.

ධනේශ්වර මාධ්‍ය ඇත්තෙන්ම ඇන්ග්ලෝ-ඇමරිකානු ජනපදවල සුදු ජාතික ජනාවාසවල ලැබූ ‘ජයග්‍රහණ’ මත පදනම්වී සුදු ජාතිකයින් ජන සංහාරක යුද්ධයකට සූදානම්වන බව නොසලකා සෝවියට් දේශයේ සිදුවනවායැයි කියන ‘ශුද්ධ කිරීම්, පිටුවහල් කිරීම් සහ බලහත්කාර ශ්‍රමය’ කෙරෙහි අවධානය යොමු කරමින් සිටී. ඇත්තෙන්ම ජර්මානුවන් සහ රුසියානුවන් එකිනෙකා සමූල ඝාතනය කරන අයුරු දැක ඔවුන් ද මහත් සේ සතුටු වෙමින් සිටී. (තොරතුරු ලබා ගත්තේ – ස්ටාලින්: දේවධර්මයේ සිට බලයේ සිටින සමාජවාදී දර්ශනය දක්වා, රෝලන්ඩ් බෝර්)

චීන කොමියුනිස්ට් පක්ෂය සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ මුල් කාලීන ආර්ථික යුගය විශ්ලේෂණයකර ජෝසප් ස්ටාලින්ට 70% ක් ලකුණු ලබා දී තිබේ. අහිංසක මිනිසෙකුට නැවත ජීවිතය ලබා දෙන්නේ කෙසේදැයි ඔවුන් තවමත් සොයාගෙන නැති නිසා සභාපති මාඕ මරණ දඬුවම නියම කිරීමට විරුද්ධ වූ බව පැවසේ. කෙසේ වෙතත්, ස්ටාලින් බලයට පත් වීමට බලපෑ දුෂ්කර තත්වයන් පරීක්ෂා කිරීම වැදගත් ය: ළදරු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ආක්‍රමණය කළ රටවල් 21 පිළිබඳව සහ එම ආක්‍රමණිකයන් කොපමණ මිනිසුන් ඝාතනය කළාද යන්න පිළිබඳව අන්තර්ජාලයේ එතරම් තොරතුරු නැත. බොල්ශෙවික් පක්ෂයේ නායකත්වයෙන් 80% ක් මිය ගිය අතර, බලයේ සිටි රජයේ උත්සාහයන් පහසුවෙන් කඩාකප්පල් කළ හැකි හිටපු ධවල නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් මත යැපීමට ස්ටාලින්ට සිදුවිය. නාසි ජර්මනියේ ආක්‍රමණය හේතුවෙන් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ අවම වශයෙන් මිලියන 20 ක් මරණයට පත්විය. ජපාන අධිරාජ්‍ය හමුදාව චීනයේ මිලියන ගණනක් ඝාතනය කරන ලදී.

වසර 5000 ක් චීන ජාතිකයන් ‘කූලී’ කරුවන් වී සිටි බවත්, සුළු පිරිසක් පමණක් ඒ පිළිබඳව සැලකිලිමත් වූ බවත් මතක තබා ගැනීම වැදගත් ය. ඔවුන් නැගී සිටීමට පටන් ගත් මොහොතේ? චීනයේ දුප්පත් වහල් සේවකයන් පිළිබඳව සිදුකරන ව්‍යාජ හෙළිදරව් දෙස බලන්න! (බලන්න ee කර්මාන්ත, කර්මාන්ත පක්ෂය)