e-Con e-News

මහරාජාගේ MTVය, චෙට්ටියාර් බැංකු කරුවන් සහ මිනීමරු ආනයන මාෆියාව

Published (updated: ) in Uncategorized.

මහරාජාගේ MTVය, චෙට්ටියාර් බැංකු කරුවන් සහ මිනීමරු ආනයන මාෆියාව

blog: eesrilanka.wordpress.com

‘ආර්ථික විද්‍යාව හැදෑරීමට පෙර ආර්ථික විද්‍යාඥයින් හදාරන්න!’

e-Con e-News 10-17 ජූලි 2021

ද මිරර් ප්‍රතිබිම්බය නොදක්වයි, එහි ඇත්තේ හුදු මිරිගුවක් පමණි. ද ටයිම්ස් මේ මොහොත නොව මිය යමින් ඇති අතීතයේ ගැලී සිටියි. ද ඔබ්සර්වර් පැහැදිළිව දකින්නට අසමත් වන අතර, අවධානය වෙනතකට යොමුකරවයි. ද නිව්ස් යනු නව දෙය නොවේ, ඒකාකාරී පැරණි දෙයමය. ටුඩේ අනාගතය සඳහා අසමත්ය. ද මෝර්නින් යනු සැන්දෑවයි. නිව්ස් ෆස්ට් යනු ජනතාව එල්ලන නූස් ෆස්ට් තොන්ඩුවකි. ඉකොනොමි නෙක්ස්ට් යනු ඇත්තෙන්ම යල්පැනගිය 19වන සියවසේ ආනයන අපනයන යටත් විජිත ක්‍රීඩාවයි.  

ඔවුන් දිගින් දිගටම අලස ඩ්‍රෝන යානාවන් මෙන් හැසිරේ. මේ සියල්ලෝම ජාතියට දැවැන්ත මිලක් ගෙවීමට සළස්වා බොරුව ප්‍රචාරය කරමින් යල්පැනගොස් වියැකීගිය දේ ආරක්ෂා කිරීමට උත්සාහ දරමින් සිටිති. සියලුම ඊනියා සමාජ මාධ්‍යයන් කුණු කසලවලින් වියවුල් කරමින් ශ්‍රී ලංකාවට සහ රජයට එරෙහිව දුෂ්ඨත්වය වමාරමින් සිටින මෙම ස්වයංක්‍රීය රොබෝවරුන් (bots) සහ අළෙවිකරුවන් හෙළි කරන්නේ කවුද? (අහඹු සටහන් බලන්න)

• ‘ඔබේ ගේට්ටුවේ අගුල් දමාගන්න!’- ආණ්ඩුව ආහාර සහ ඉන්ධන බෙදාහැරීම භාර ගැනීමට විරුද්ධ කලු සුද්දන්ගේ පන්තියට අයත් වූවන් (Colombots = Colombo + Robots) හමුදා ඒකාධිපතීත්වයක් ගැන හඬමින් දුරකථන කෙටි පණිවිඩ යවමින් සාගින්නෙන් පෙළෙන්නන් වාහම කොල්ලකෑම් සිදුකරනු ඇතැයි අනතුරු අඟවයි. ඔවුන් දකුණු අප්‍රිකාවේ සහ ඇමරිකාවේ පින්තූර පතුරුවම්න් සිටී. එම රටවල සිදුවන කොල්ලකෑම් සඳහා ඔවුන්ව පොළඹවන්නේ සුදු ජාතික ජනපදවාදී බලහත්කාරී පදිංචිවීම් තවදුරටත් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එහි පාලක පන්තීන් විසිනි.    

ශ්‍රී ලංකාවේ යුද්ධයට අනුබල දෙන නව ඉන්දියානු චිත්‍රපටයක්: ඉන්දියාවේ ගුජරාටි අම්බානි රිලයන්ස් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කොට නෙට්ෆ්ලික්ස් මගින් බ්ලොක්බස්ටර් චිත්‍රපටියක් නිකුත් කර තිබේ. රජිනි කාන්ත්ගේ පුත් ‘සුපිරි තරුව’ ධනූෂ් පෙනී සිටින ජගමේ තන්දිරම් -(විශ්වය කතාන්දරයකි)  නම් එම චිත්‍රපටය හරහා මෙරට හා විදේශයන් හි දෙමළ තරුණ තරුණියන් තවත් මහා මනුෂ්‍ය ඝාතනයකට පෙළඹවීම ඉළක්කකර  තිබේ.

ආයුධ ජාවාරම්කාරයින් (නැත, ඉංග්‍රීසි අයුධ නිෂ්පාදක BAE ඊට ඇතුළත් නැත) සහ ලන්ඩනයේ මැර කණ්ඩායම් (නැත, එංගලන්ත බැංකුව ද එහි නැත) ද සමඟ සංක්‍රමණ විරෝධියෙකුට (පෞද්ගලික බන්ධනාගාර පවත්වාගෙන යන ඒ සඳහා රැඳවියන් අවශ්‍ය සුදුජාතික මැර කල්ලි නායකයෙක්) එරෙහිව කටයුතු කරන සංක්‍රමණිකයන් එම කතාන්දරයේ සිටී. කලබල වියයුතු නැහැ, එහි තව තවත් සංක්‍රමණිකයින් ඉල්ලා සිටින ඒත් එක්කම අවිධිමත් යුද්ධ ඉල්ලා සිටින ඉතාම යහපත් සුදු ජාතිකයින් ද එහි සිටී. ‘යුද්ධය කිසිදා අවසන්නොවේ’ යන තේමාව මගින් සිව්වන නැතිනම් පස්වන ඊලාම් යුද්ධය ඉලක්ක කර තිබේ. (අහඹු සටහන් බලන්න)              

ජනමාධ්‍ය මගින් භීතිය පැතිරවීම ඩේලි මිරර් සිරස්තල තුළ පැහැදිළිවම දැකිය හැකිය: ‘දැවැන්ත සූර්ය කුණාටුව පෘථිවියට වැදීමට සූදානම්: ජීපීඑස්, දුරකථන සංඥාවලට හානිවීමට ඉඩ තිබේ, විදුලි රැහැන් ද අවදානමට ලක්විය හැකියි.’ 2021 ජූලි 13 දින ඩේලි මිරර් එසේ වාර්තා කරයි: ‘අත්ලාන්තික් සාගරයට ඉහළින් බලවත් සූර්‍ය කුණාටුවක් ඇති වී විදුලි සැපයුම බිඳවැටීමෙන් සති කිහිපයකට පසුව අඟහරුවාදා සහ බදාදා දිනවල දී පෘථිවියට වැදීමට ඉඩ ඇති සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට ගමන් කරමින් තිබේ.’ ඔව් ඇත්ත වශයෙන්ම එවන් ප්‍රවෘත්තියක් ඉන් පසුව තිබුණේ නැත. 

අනුමත කරන ලද එන්නත් පැමිණීම සහ එහි පුළුල් භාවිතය සමඟ එන්නත පිළිබඳව චීන විරෝධී දොස් පැවරීම් පිටුපස සිටින බලවේග විසිරී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ. දැනටමත් කල් ඉකුත් වූ එන්නත් ‘ප්‍රදානය’ ප්‍රකාශයට පත්කරවමින් පිකටින් පුවරු ඔසවාගෙන සිටින ඇමරිකානු තානාපතිනිය සහ තානාපති කාර්යාල සේවකයින් දකිනවිට එන්නත් යුද්ධයේ නවතම තත්වය සිනහ උපදවන්නක් වී තිබේ. හේමාස් හි ෆයිසර් එන්නත එහි සඵලතාවය ඉහළ දැමීමට තෙවන එන්නත් වාරයක් ද අවශ්‍යයැයි කියමින් මේ වන විට තම එන්නතේ සඵලතාවය අඩු යැයි කියමින් සිටී.   

මහරාජා සහ ආනයන මාෆියාවආනයන මාෆියාව සහ මාධ්‍ය අතර ඇති සමීප සම්බන්ධතාවය පිළිබඳව පසුගිය සතියේ දී ee හි සඳහන් විය. කැපිටල් මහරාජා සමූහයේ පොහොර ආනයනකරු වන හැරිසන්ස් කෙමිකල්ස් විශේෂයෙන්ම තමන්ට එංගලන්තයේ විශාලම රසායනික බහුජාතික සමාගමවන එලිමෙන්ටිස් සමඟ ඇති ප්‍රධාන බහුජාතික සම්බන්ධතා සිහිපත් කරවමින් සිටී. එලිමෙන්ටිස් යනු පැරණි හැරිසන් ඇන්ඩ් ක්‍රොස්ෆීල්ඩ් (H&C) සමාගමයි. එය ලන්ඩන් වරායේ විශාලතම වාප්පුව හිමිව සිටි සමාගමයි – සිලොන් වෝෆ්! ee සුදු යටත්විජිතවාදී කොලෝනියල් ඒජන්සිය දුඹුරු හම සහිත සහීබ්වරුන් යටතේ අදත් තවමත් පවතින ආකාරය බලන්න…    

පවුලකට අයත් සමාගමක්වන නිව්යෝර්ක් ටයිම්ස් – බැංකුවලට එරෙහිව ඇතැම් ක්ෂේත්‍ර තුළ දුෂ්ඨ උත්සාහයක් ආරම්භ වී ඇති බව අයිලන්ඩ් කතුවැකිය මගින් පසුගිය සතියේ දී ප්‍රකාශ විය.

ණය ගෙවීමට නියමිත සතිය ළඟාවීමත් සමඟ සුද්දන් තම මාධ්‍ය බර අවි එළියට අදිමින් සිටී:  ඕක්ස් පවුලට අයත් නිව්යෝක් ටයිමිස් සහ පවුල් කිහිපයක් සතු එංගලන්තයේ ඉකොනොමිස්ට් සඟරාව හරහා රාජපක්ෂ පවුල ඉලක්ක කොට තිබේ. ඔවුන්ගේ දේශීය සගයින් සහ හොරණෑකරුවන් ද එකම හඬින් වැළපෙමින් සිටී. 1948 දී ලැබූ ව්‍යාජ නිදහසේ සිට දේශපාලන ආධිපත්‍ය දරා සිටින පවුල්වන මැදමුලන වංශාවලි පාලනය (සිංහල බෞද්ධයින් ලෙස ප්‍රහාරයට ලක්වන) සහ ඇන්ගලිකන් හොරගොල්ල පාලනය හා බෝතලේ රඳල වංශ පාලනයන අතර ඇති වෙනස කුමක්ද? අනෙක් උත්ප්‍රාසය වන්නේ මේවන විට ධනවාදී ලෝකයේ මුළුමනින්ම නියාමනය නොකළ ‘පවුල් සමාගම් හි’ අරමුදල් හෙජ් අරමුදල්වලට වඩා විශාල වීමයි!

මේ අතරතුර අපගේ වෙළඳ හා මුදල් ණයට දෙන ආර්ථිකයේ තිබෙන පවුල් ස්වභාවය හා ණය අපූර්ව ලෙස රාජපක්ෂවරුන් හා චීනය වෙත හරවා තිබේ. දැඩි විෂ සහිත මාධ්‍ය ප්‍රහාරයන් තුළ  ‘චීන’ වචනය වෙනුවට ‘මුස්ලිම්’ හෝ ‘දෙමළ’ යනුවෙන් යෙදුවේ නම්, ඊනියා කලු සුද්දන්ගේ සිවිල් සමාජය උඩු බුරලනු ඇත!

ආර්ථිකයේ සියලුම ක්ෂේත්‍ර පාලනය කරන දේශීය කලු සුද්දන් ඇතිකරවා ආර්ථිකයේ අණ දෙන ස්ථානය අත්පත්කරගෙන සිටින ඉංග්‍රීසි යටත් විජිත මාෆියාකාර කලු සුද්දනගේ පන්තිය (oligarchy) මෙම ee කලාපය හරහා ගවේශනය කෙරේ. මෙම ee කලාපය මගින් දකුණු ඉන්දියානු චෙට්ටියාර් බැංකුකරුවන් පිළිබඳව සහ මහරාජා සමූහයට මාධ්‍ය සමඟ ඇති සම්බන්ධතාවය පරීක්ෂා කරයි.    

පවුලකට අයත් ඉකොනොමිස්ට් සඟරාව සහ ශ්‍රී ලංකාවේ ඌනසංවර්ධනය –  ඉකොනොමිස්ට් සඟරාව එංගලන්තයේ පියර්සන් පුද්ගලික සමාගම මගින් පාලනය කරන බව අප සිහිපත් කළ යුතුය. මෙම පියර්සන් සමාගම වරක් ඩී ජේ විමලධර්මසූරියගේ දේශීය විදුලිබල සැපයුමට බාධා කලේය (2020 අගෝස්තු 1 ee බලන්න). එම පියර්සන් සමාගමම දැන් ලොව පුරා අධ්‍යාපනය හා විභාග සඳහා ප්‍රවේශය පාලනය කරන අතර, අපගේ මාෆියාකාර කලු සුද්දනගේ පන්තිය (oligarchy) තම දරුවන් විදේශයන් හි ඉගෙනීමට යැවීමට මිලියන ගණන් ගෙවමින් සිටී.

ද ඉකොනොමිස්ට් සඟරාව මේ වන විට ඇග්නෙලි පවුලේ එක්සෝර් (මර්ඩොක් නිව්ස් කෝපරේෂන්, ෆියට් ආදීන් හා සම්බන්ධතා තිබෙන), කැඩ්බරි, රොත්ස්චයිල්ඩ් (26%), ෂ්‍රෝඩර්, ලේටන් යන පවුල් සහ වෙනත් අය සතුය. මේ බහුජාතික බූවල්ලන් මෙහි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින මාෆියාකාර කලු සුද්දනගේ පන්තියට (oligarchy) වඩා ඉතාමත් භයානකය. ඊළඟ වතාවේ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙක් නැවතත් මෙරටට යාත්‍රා කළොත් අප ඇසිය යුත්තේ….?     

A2. සතියේ උපුටා ගැනීම් 

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අපේක්ෂා කළ නොහැකි ආකාරයට සම්බාහන ආයතන විවෘතව තැබීම, විවාහ උත්සව පැවැත්වීම සහ පන්සල් කෝවිල් පල්ලි හා මුස්ලිම් පල්ලි තුළ ආගමික ක්‍රියාකාරීත්වයන් පැවැත්වීමට පවා නව කෝවිඩ් 19 මාර්ගෝපදේශ මගින් ඉඩ ලබා දී තිබේ. ආසන ප්‍රමාණයට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් රැගෙන මාර්ගවල බස් රථ ධාවනයවන බව රහසක් නොවේ. මෙහි වැදගත් වන්නේ නවතම සෞඛය මාර්ගෝපදේශ උද්ඝෝෂණ පිළිබඳව නිහඬවීමයි. (බලන්න ee දේශපාලනය, නිරෝධායනය)

• 1977 සිට නින්දා සහගත රැකියා බැංකු ක්‍රමය ස්ථාපිත කිරීම හරහා බඳවා ගැනීම් දේශපාලන අනුග්‍රහයට ලක්කොට තිබේ. 1980 වැඩවර්ජනයට සම්බන්ධ වූ රජයේ සේවකයින් දහස් ගණනක් සේවයෙන් ඉවත් කිරීම මගින් ආයතනික දැනුම හා පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අහිමි වීමෙන් රික්තයක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශාල දැනුමක් හා විශේෂඥතාවයක් අහිමිවී තිබේ.(ee දේශපාලනය, විජේදාස)

• බහරේනය යනු බහුතර ෂියා ජාතිය සවිබල ගැන්වීම ප්‍රතික්ෂේප කරන පැරණි තාලයේ ම්ලේච්ඡ ඒකාධිපති පාලනයකි. එහෙත් ඉන්දියාවට ඒ සමඟ අපූරු සබඳතා තිබේ. සුළු විසම්මුතීන් පවා මර්ධනය කරන ඉතා ප්‍රචණ්ඩකාරී පාලන තන්ත්‍රයක් බහරේනයේ තිබේ – ඒබ්‍රහම් ගිවිසුම් වලට ස්තූතිවන්ත වන්නට, ඊශ්‍රායෙල් විශේෂඥතාවන්ට ලැබෙන ප්‍රවේශයත් සමඟ බහරේනයට තවත් මෘග රජයක් බවට පත්වීමට හැකිවනු ඇත. ඉන්දියාව ඒ ගැන කරදර වෙනවාද? (ee පරමාධිපත්‍ය, ඉන්දියාව)  

• මිලිටරිය ‍වෙනුවෙන් වෙන් කර තිබෙන සමස්ත ආයෝජනය සැලකිල්ලට ගත් විට ඇමරිකා එක්සත් ජනපදය සමස්ත ලෝකයටම  වඩා වැඩි මුදලක් යුද්ධය සඳහා වැය කරයි. බලශක්ති දෙපාර්තමේන්තුව, හිටපු යුධ සෙබල පරිපාලනය, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ රහස් තොරතුරු ප්‍රජාව වැනි ආයතන මගින් අතිරේකව තවත් ඩොලර් බිලියන 500 ක් වියදම් කරන විට, පෙන්ටගනය හරහා සිදුකරන යුධ වියදම් (දළ වශයෙන් ඩොලර් බිලියන 750) පිළිබඳව පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් නොවේ. යුධ ප්‍රවීනයින් පරිපාලනය හරහා බොහෝ අනවශ්‍ය යුද්ධ සඳහා විශාල ලෙස වියදම් කර තිබේ; අපගේ න්‍යෂ්ටික ඉන්වෙන්ට්‍රියට බලශක්ති දෙපාර්තමේන්තුව වගකිව යුතුය; එසේම විවිධ දෙපාර්තුමේන්තු හා නියෝජිත ආයතන 17 කින් සමන්විත රහස් තොරතුරු ප්‍රජාවගේ ඩොලර් බිලියන 70 ක් වූ වියදම හමුදාව මගින් පාලනය කරයි. (ee මාධ්‍ය, දුස්තොරතුරු සැපයීම)    

A3. අහුඹු සටහන් (‘ව්‍යාකූලත්වය තුළ සංඛ්‍යා දැකීම) – 

• නැගෙනහිරින් එන සුළඟට එරෙහිව චීන විරෝධී ක්‍රීඩාව: 1945-60 කාලය තුළ අවම වශයෙන් රටවල් 40 ක මිලියන 800 ක ජනතාවක් – ලෝකයේ ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් – යටත් විජිතවාදයට විරෝධය දක්වා තම නිදහස දිනාගනු ලැබීය. සමස්ත මානව ඉතිහාසයේම මින්පෙර කිසි දිනෙක මෙතරම් විප්ලවීය පුනරාවර්තනයක් මෙතරම් වේගයෙන් සිදුවී නැත. විසිවන සියවසේ දෙවන භාගයේදී, විශේෂයෙන් 21වන සියවස ආරම්භයේ සිට, ලෝක ආර්ථික ගුරුත්ව කේන්ද්‍රය වේගයෙන් බටහිර නොවන ලෝකයට ගමන් කර තිබේ. 2035 දී සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය සංවර්ධිත රටවලට වඩා විශාලවනු ඇති අතර, ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අද වන විට 40% ක්වන ඔවුන්ගේ කොටස 60% දක්වා ඉහළ නගිනු ඇත.

පසුගිය දකුණු අප්‍රිකානු ජනාධිපතිවරණ සමයේ දී ඉන්දියාවේ සිට සැකසූ ව්‍යාජ ඔන්ලයින් අනන්‍යතා ගිණුම් හරහා පෙර නොවූ විරූ ආකාරයේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ වූ අතර එහි දී ව්‍යාජ ගිණුම් සිය ගණනක් දකුණු අප්‍රිකානුවන් ලෙස වෙස්වලාගෙන තිබුණි. ‘අප්‍රිකානු’ යැයි හැඟවෙන නම් කිහිපයක් නිර්මාණයකර අන්තර්ජාලය පීරමින් ඒවායින් කමෙන්ට් කිරීම් හරහා සමාජ මාධ්‍ය වේදිකාවල සෘණාත්මක ප්‍රචාරයන් ගිල දැමීමට උත්සාහ කිරීම වෙනුවෙන් චෙන්නායි හි පිහිටි ‘වර්චුවල් සෝෂල් මීඩියා’ නම් සමාගමක් කුලියට ගෙන තිබුණි. 2016 දී ලන්ඩනයේ පිහිටි මහජන සම්බන්ධතා නියෝජිත ආයතනයක් වූ බෙල් පොටින්ජර් විසින් සියුම්, වඩාත් මිල අධික මෙහෙයුමක් දියත් කෙරුණි. තම සේවාදායකයින්ගේ වෙබ් අඩවිවල ප්‍රවේශය විධිමත් කිරීම, සෙවුම් යන්ත්‍රවල ඔවුන් පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය වෙන ආකාරය සකස් කිරීම සහ ඔවුන්ගේ විකිපීඩියා පිටුවල වෙනස්කම් සිදු කිරීම පවා බෙල් පොටින්ගර් විසින් යෝජනා කර තිබුණි. ලන්ඩනයේ මහජන සම්බන්ධතා සමාගමක් විසින් විකිපීඩියා ලිපි සංස්කරණය කරන බව තමන් නොදන්නා බව විකිපීඩියා ආයතනය විසින් ප්‍රකාශකරන ලදි.    

මහ බැංකුවෙන් භාණ්ඩාගාරය වෙන් කිරීමේ නින්දිත උත්සාහයක යෙදුණු වගකීම් විරහිත මාධ්‍යක් නිර්දය ලෙස නිරාවරණය වී තිබේ (ඔව්, පිළිබඳව නිරවුල් කිරීමක් අවශ්‍යයි). අයිලන්ඩ් පුවත්පතේ (මේ ‘දේශප්‍රේමී’ කඩමාල්ල දවල්ට සිංහලයෙක් බවට ද රාත්‍රියට ආනයන කරුවෙක් බවට ද පත්වේ) ‘ආනයන සීමා විවේචනය කරන භාණ්ඩාගාරයේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා’ලෙස සිරස්තලය සඳහන් වූ ලිපියක ඇත්ත වශයෙන්ම සඳහන් වූයේ ජයසුන්දර විසින් ඉන්ධන සලාකනය කිරීමක් ඉල්ලා සිටීමකි! නිශ්චිත පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සීමා කළ යුතු අතර, මිල යාන්ත්‍රණයක් අනුගමනය කළ යුතුව තිබේ. ඉන්ධන එයින් එකකි!

ආණ්ඩුව පාරිභෝගියා සඳහා ඉන්ධන සලාකනය නොකරන්නේ නම්, රටට ඉක්මණින්ම පුනර්ජනනීය බලශක්තිය වෙත මාරු වීමට සිදුවනු ඇත – වාර්ෂිකව තෙල් ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5,000 ක් විදයම් කරන රටක් පුනර්ජනනීය බලශක්තිය සදහා ව්‍යාපෘති ගණනාවක් ආරම්භ නොකරන්නේ කුමක් නිසා දැයි ජයසුන්දර අසා තිබුණි.

ඒ අතරතුර ලැප්ටොප් පරිඝණක හා දුරකථන ආනයනය තහනම් කරනු ඇතැයි පවසමින් ‘ලුණු නැත’ භීතිය මෙන් තවත් ‘භීතියක්’ නිර්මාණය කර තිබුණි. නැවතත්, මෙය රජයේ මූලාශ්‍රයකින් තොරතුරු පිටවීමක් ලෙස කියා තිබුණි. තමන් බිලියන ගණනින් සූරාගත්තත් තමන් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බව ධනවාදීන් දැන් පවසයි: විදුලි භාණ්ඩ සිල්ලර වෙළෙන්දෙකු වන අබාන්ස් මෙසේ සඳහන් කර තිබුණි: එවන් සැළසුමක් ක්‍රියාත්මක වුවහොත් ආණ්ඩුව සහ කර්මාන්ත ඩිජිටල්කරණය කිරීම පියවරකින් පසුබසීවි. මේ මොන කර්මාන්තද? ඒ දුර්වල, කුසගින්නෙන් පෙළෙන, තමන් භාවිතාකරන කොසු ඉදල් මෙන්ම සිහින් සිරුරැති මිනිසුන් ලවා වීදි අතුගා දැමීම, පුද්ගලීකරණය කළ නාගරික සේවා සැපයීම ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යටත්වීමට දේශපාලනඥයින් සහ මාධ්‍ය මෙතරම් උනන්දුවන්නේ ඇයි? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක ගැලපුම් විධිවිධාන හරහා පොහොසතුන්ට සුඛෝපභෝගී ආනයන වෙනුවෙන් විනිමය වශයෙන් ණය ලබා දීම, නිවාඩු සහ විශ්ව විද්‍යාල සඳහා විදේශ ගත වීමට විදේශ විනිමය නාස්ති කිරීම, ආදී මේ සියල්ලම ණය සඳහා ලබාගත් අරමුදල් හුවමාරුව මගින් සිදු කෙරේ. ලබාගත් මුදල් ආපසු යැවෙන අතර අපට ණය ඉතිරි වේ.   

සැළසුමක් නොමැති විවේචකයින් –  ආධාර කරුවන් සහ විවේචකයින්, ජේවීපිය, පෙරටුගාමීන් සහ ජාතික චින්තනවාදීන් ආදීන්ගේ ඇති පොදු සමානතාවය කුමක්ද? ඔවුන් සියල්ලන්ම තමන් අකමැති කුමක්දැයි හොඳින් දනියි, ඒ සුභසාධනවාදය යැයි එක් අයෙක් කියයි. තවමත් සුභසාධනවාදය පවතින්නේ මාෆියාකාර කලු සුද්දන්ගේ පන්තිය (oligarchy) ආර්ථිකය සංවර්ධනය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. ඒ නිසා පොදු ජනයා විසින් බලකොටුවට පහර දීම වළක්වා ගැනීමට සිල්ලර කාසි කිහිපයක් විසි කළ යුතුය. තාක්ෂණවේදීන් ඊට අමතරව තවත් දෙයක් කියයි. ඇමරිකානු ආධාර ලබන වාණිජ මණ්ඩල සහ ඔවුන්ගේ ඇඩ්වොකාටා, වෙරිටේ සහ පාත්ෆයින්ඩර් වැනි සැළසුම් සහිත අයට ඊටත් වඩා දූෂිත පෞද්ගලික අංශයට රජයේ ව්‍යවසායන් විකුණා දැමීමට උවමනා වී තිබේ.

‘ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි බලාගාරය ඇමරිකානුවන් අතට වැටෙයි යනුවෙන් මේ සතියේ සිරස්තලයක් පල විය. නමුත් එය එක්සත් ජනපද බැංකුකරුවෙකු වන ජේපී මෝර්ගන් විසින්  ‘රටවල් 22 ක විදුලි බලාගාර සහ තීරණාත්මක යටිතල පහසුකම් මිලට ගැනීමක් විය. කැලිෆෝනියාවේ සහ මිඩ්වෙස්ට්හි විදුලි පාරිභෝගිකයින් සූරාකෑම නිසා 2013 දී ජේපී මෝර්ගන් චේස්ට ඩොලර් මිලියන 410 ක දඩ මුදලක් ගෙවීමට සිදුවී තිබුණි. (ee මූල්‍ය, කවුරුන් හෝ මිල දී ගනී)

ඇමරිකානු පුරවැසියෙක්වන  අමාත්‍යවරයා විසින් විකිණන ලදැයි පවසන ද අයිලන්ඩ් පුවත්පතේ කතාන්දරය තුළ ත්‍රිකුණාමල වරායේ කොටසක් සහ තෙල් ටැංකි ගබඩා සංකීර්ණයක් ද ආවරණය වන පරිදි විශාල ඉඩම් ප්‍රමාණයක් ඉන්දියාවට භාරදීම සඳහා සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව සඳහන් කරයි.  (ee කර්මාන්ත)

විශාල ආර්ථික විනාශයක් පුරෝකථනය කරමින් බෝවර් ගෘප් ආසියා මගින්  සිදුකළ ‘රහස්‍ය’ මූල්‍ය විශ්ලේෂණයක් ඊමේල් හා මාධ්‍ය හරහා පුළුල්ව පැතිරුණි.  BGA සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අර්නස්ට් බෝවර් වොෂිංටන් ඩීසී හි උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අග්නිදිග ආසියානු අධ්‍යයන සඳහා මූලික වී එය සංවර්ධනය කිරීමට සහය වී ඇති අතර, ඔහු අග්නිදිග ආසියාවේ විශාලතම එක්සත් ජනපද සමාගම්වලින් සමන්විත පුද්ගලික එක්සත් ජනපද-ආසියාන් ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා ද වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධය ප්‍රවර්ධනය කරන ජගමේ තන්දිරාම් නම් නෙට්ෆ්ලික්ස් බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප සහ ප්‍රවර්ධන වීඩියෝ, නිව්යෝක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රයේ දී ප්‍රදර්ශනය කරන ලදී. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා අදහස් දැක්වීම: චිත්‍රපටයට  ‘ගැඹුරක් එකතු කිරීම සඳහා ඊලාම් ද්‍රවිඩයන්ගේ අරගලය’ භාවිතාකර තිබේ. ද හින්දු පුවත්පත මගින් එය ‘ගෝලීය ප්‍රශ්නයක් සමඟ කටයුතු කරන බරපතල දේශපාලන චිත්‍රපටයක්’ ලෙස හඳුන්වයි; නිව්යෝක් ටයිම්ස් විචාරයකට අනුව තිර රචනය ‘භාෂාව කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සාමාන්‍ය අපරාධ ක්‍රියා ඉහළට ඔසවා තිබෙන අතර, භාෂාව ආයුධයක් හෝ එක්සත් කරවන්නෙකු ලෙස භාවිතා කළ හැකි ආකාරය’ ඉදිරියට ගෙන එන්නේ යැයි පවසයි.  එක්සත් ජනපදයේ උමතු යුධවාදියෙකු වූ ජනාධිපති රොනල්ඩ් රී-ගන්, (Re-gun) සැමවිටම පැවසීමට පුරුදු වී සිටි පරිදි හරි, ‘ඔව් අපි ආයෙත් පටන්ගනිමු.

ප්‍රවෘත්ති සිරස්තල ‘පරිත්‍යාග’ සහ ‘ත්‍යාග’ වලින් පිරී ඉතිරී ගොස් තිබේ. අපි හිඟන්නන්ගේ ජාතියක් ද? ලෝක බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජනපදය සහ ජපානය අපගේ නිෂ්පාදන වැළැක්වීමට අපට එන්නත් පරිත්‍යාග’ සහ ‘ත්‍යාග’ ලබා දෙයි. අපට ආරක්ෂක නිෂ්පාදන පනතක් (Defense Production Act) නැත. සෑම සංවර්ධිත රටක්ම තම අත්‍යවශ්‍ය කර්මාන්ත ආරක්ෂා කරන්නේ එලෙසද?

ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් [එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනයෙන් පත්කරන ලද] තමන් විද්‍යාත්මක දැනුම බෙදා ගැනීමට විරුද්ධ බව අවධාරණය කරයි: ‘විද්‍යාත්මක දැනුම බෙදාගැනීම නිසා එම අංශයේ නවෝත්පාදනයන් සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු අවම වීමේ අවදානමක් ඇතිවනු ඇති නිසා, ඒ සඳහා අප සහය දෙන්නේ නැත. පර්යේෂණවලට අරමුදල් සපයන ඔවුන්ගේ ආණ්ඩු පිළිබඳවත්, ඒවායේ වැඩ කරන විද්‍යාඥයින් බොහෝ දෙනෙකු අපේ රටවලින් සොරකම්කරගෙන ඇති බවත් සඳහන් කිරීම ඔහු පහසුවෙන්ම මගහරී! මේ අතර, ඔහුගේ නියෝජිතයා විදේශ ආයෝජන සඳහා අපගේ අවශ්‍යතාවය පිළිබඳව අපට දේශනා කිරීමට මෙහි පැමිණ තිබේ! ඒ කුමක් පිළිබඳව ද? ආ…? තවත් විශේෂඥයන්.

B. විශේෂාංගය

B1 මහරාජා මාධ්‍ය, පොහොර සහ අපේ චෙට්ටියාර් සුපිරි තරු

චෙට්ටියාර් බැංකුකරුවන් මහරාජා පවුලට සහ ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන බහුජාතික සමාගම්වලට සම්බන්ධ  ඔවුන්ගේ සමාගම් සමඟ සම්බන්ධවන්නේ කෙසේද?  (බලන්න ee 2019 අගෝස්තු 17, වටහා ගැනීමට දුෂ්කර චෙට්ටියාර්වරු) 

ඉංග්‍රීසීන් දේශීය ජනයාට ණය ලබාදීම සිදුකළේ චෙට්ටියාර්යරු හරහා පමණක්වීම නිසා ලංකා බැංකුව පිහිටුවීමට ද මෙම චෙට්ටියාර් බැංකුකරුවන් හේතුවිය. රාජ්‍ය හා වාණිජ බැංකු නවීන නිෂ්පාදන (යන්ත්‍ර තැනීමේ) සඳහා ආයෝජනය කිරීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි පැහැදිලි කිරීමට මෙම සම්බන්ධතා ඉතාම වැදගත් වේ. මෙම චෙට්ටියාර් බැංකුකරුවන් දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම අනෙකුත් දේශපාලනඥයින් සහ මාධ්‍ය ද පාලනය කර තිබේ.

හේන් වගාව මගින් ගොවියාට මුදල් ලබා ගැනීමේ මාර්ගයක් ලැබී තිබුණි. 19 වන සියවසේ දී ඉංග්‍රීසීන් හේන් වගාව තහනම් කිරීමත් සමඟ වතුවගාව පුළුල් කිරීම සඳහා හේන් ඉඩම් හා වනාන්තර සොරකම් කිරීම හා විකිණීම හේතුවෙන් ගම්මාන තුළ මූල්‍ය අර්බුදයක් ඇතිවිය. මේ හේතුවෙන් ගොවිජන සමාජ පද්ධතිය තුළ වෙළද හා පොලීකාර පංතියේ නැගීමට ඉඩ සැලසෙන පරිදි නිෂ්පාදන සම්බන්ධතා වෙනස් විය. මුළු අස්වැන්නෙන් වැඩි කොටසක් ලබාදීම සඳහා වී අස්වැන්න නෙළන කාලය තුළ සහ ඒ අතරතුර කාලයේ දී පොලීකාරයින් ගොවීන්ට මූල්‍ය ද්‍රවශීලතාවයක් ලබා දෙන ලදි. ඉංග්‍රීසි යුගයේ දී ඉහළට නැගීම සඳහා පොලීකාර-වෙළද පංතියට -20වන සියවසේ බොහෝවිට චෙට්ටියාර්වරුන්ට- අවශ්‍ය සමාජ ආර්ථික අවකාශය නිර්මාණය විය.

බුරුමයෙන් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීම චෙට්ටියාර්වරුන් සහ වෙනත් ඉන්දියානු වෙළෙන්දන් අත තිබුණි  (1919 දී විටෝල් සහ සමාගම සෘජුවම ඔවුන්ගේ වතු සඳහා සැපයීමට සහල් ආනයනය කිරීම ආරම්භ කළ අතර, හැරිසන්ස් ඇන්ඩ් ක්‍රොස්ෆීල්ඩ් ද රැන්ගූන් හි ඉංග්‍රීසි සහල් අපනයනකරුවන් වෙනුවෙන් ඉන්ඩෙන්ටින් නියෝජිත සමාගමක් බවට පත්විය).

1925 දී, නට්ටුකෝට්ටෙයි චෙට්ටියාර් සමාගමක් කඩා වැටීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ බැංකු ඔවුන්ට මුදල් ණයට දීම නැවැත්වීය. මූල්‍ය අර්බුදය තුළ චෙට්ටියාර් සමාගම් ලංකා සේවාදායකයාගෙන් ණය ආපසු ගෙවන ලෙස ඉල්ලා සිටීමට පටන් ගත් අතර, ණය පැහැර හැරීමේ හා දේපළ අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස දැඩි චෙට්ටියාර් විරෝධී ව්‍යාපාරයක් ඇතිවිය.

ඒ අවස්ථාවේ බලවත් නට්ටුකෝට්ටෙයි චෙට්ටියාර් මූල්‍යකරුවන් වූ කොළඹ නාගරතර් සංගමය විසින් 1927 වර්ෂයේ සංවිධානය කළ මහත්මා ගාන්ධිගේ කොළඹ, මහනුවර සහ යාපනය සංචාරයට මඟ පෑදුණි. එම ව්‍යාපාරිකයින් අතරට ඉන්දියාවෙන් නිදහස අහිමි කළ ශ්‍රමිකයින් බඳවා ගන්නා ධනවතුන් ද ඇතුළත් ය.

ආර්ථික අවපාතයත් සමඟ ඉන්දියාවෙන් පැමිණි මලයාලි වරාය සේවකයින්, රජයේ සේවකයින් සහ සනීපාරක්ෂක සේවකයින් පවා පිටුවහල් කරන ලෙසත්, ඉන්දියානු සිල්ලර වෙළඳසැල් සහ යාපනයේ සුරුට්ටු වර්ජනයකරන ලෙසත් ඉල්ලීම් ඇතිවිය. ඉන්දියානු කම්කරුවන් 15,000 ක් පිටුවහල් කිරීම ඉල්ලා සිටි ඒ ඊ ගුණසිංහ 1936 දී රාජ්‍ය සභාව සඳහා වූ ඡන්දය ජයගත්තේය. 1934 අප්‍රේල් 1 වන දිනට පසු රජයේ සේවයට පත් කරන ලද සියලුම ඉන්දියානුවන් පිටුවහල් කිරීමටත්, වසර 10 ට අඩු සේවා කාලයක් ඇති සියලුම ඉන්දියානුවන් අත්හිටුවීමටත් ඩී.එස්. සේනානායක යටතේ රාජ්‍ය සභාව විසින් තීරණය කරන ලදි. ඔහුගේ ඥාතී පුතෙකු වූ සන්නිවේදන හා වැඩ අමාත්‍ය ජෝන් කොතලාවල සිය අමාත්‍යංශයේ දෛනික වැටුප් ලබන කම්කරුවන් සේවයෙන් පහ කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කළේය. නුපුහුණු ශ්‍රමිකයන් ලංකාවට සංක්‍රමණය කිරීම තහනම් කරමින් ඉන්දියාව ඒ සඳහා පළි ගත්තේය. ලංකාවේ නට්ටුකෝට්ටෙයි චෙට්ටියාර් සංගම් ඉන්දියානු ජාතික කොන්ග්‍රසයට සහ ජවහර්ලාල් නේරු යැවූ මහත්මා ගාන්ධිට මේ සම්බන්ධව ආභියාචනය කර තිබේ.

කොල්වින් ආර් සිල්වාට අනුව: කොළඹ සිටි ඉන්දියානු ව්‍යාපාරිකයෙකු වූ පෙරී සුන්දරම් වතුකරයේ ඡන්ද දායකයින් හරහා රාජ්‍ය සභාවට ඇතුළු වී කම්කරු අමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ වතු කම්කරුවන් අතර වෘත්තීය සමිති මතුවීමට පටන් ගෙන තිබුණි. වතුකරයේ කංකානිවරුන් දේශපාලන බලවේගයක් බවට පත්විය. චෙට්ටියාර් බැංකුකරුවන්ගේ නායකත්වයෙන් යුත් කොළඹ නාගරාතර් සංගමය නේරු ලංකාවට රැගෙන ඒමත් සමඟ වතු කම්කරුවන් ලංකාවේ මහජන ව්‍යාපාරයේ පොදු ප්‍රවාහයට පිවිසීම ආරම්භ වී තිබුණි. කොළඹ ඉන්දියානු විරෝධය උච්චතම අවස්ථාවේ දී නේරු “ඉතාමත් වැදගත් දේශපාලන තීරණයක්” ලබා දුන්නේය. ඔහු ඔවුන්ට ලංකා ඉන්දියානු කොන්ග්‍රසය වශයෙන් සංවිධානය වන ලෙස උපදෙස් ලබා දුනි.“ කම්කරුවන්ට නායකත්වය ලබා දුන්නේ කොළඹ ව්‍යාපාරික ප්‍රජාව නිසා එම උපදෙස ඉන්දියානු ප්‍රජාව නැවතත් තමන් වෙතටම ඇද වැටෙන ලෙස තල්ලු කිරීමක් වැනි වූ ඉතාම ප්‍රතිගාමී උපදෙස් ලබාදීමකිˮ.

1939 දී ලංකා බැංකුව (BoC) ස්ථාපිත කරනු ලැබූවේ කිසිදු ඉංග්‍රීසි බැංකුවක් ණය ලබාදුන්නේ ඔවුන්ගෙන් ණය ලබාගෙන අසාධාරණ පොලී අනුපාතයන්ට නැවතත් ලාංකිකයින්ට ණය ලබාදුන් දකුණු ඉන්දියානු චෙට්ටියාර්වරුන් හා උතුරු ඉන්දියානු ඇෆ්ගන් මුදල් ණයට දෙන්නන් හරහා මිස සෘජුව සිංහල ජනතාවට ණය ලබා නොදීම නිසාය. 1961 දී ජනසතු කිරීමේ සිට ලංකා බැංකුව තවමත් ‘ස්වාධීනව’ ක්‍රියාත්මක වුවද ග්‍රාමීය ජනතාවට ණය ලබාදීමට එය තවමත් අසමත් ය.

1972 දී සිරිමාවෝ ආණ්ඩුව විසින් කෘෂිකර්ම ඵලදායීතා නීතිය සම්මත කිරීමත් සමඟ එමඟින් සෑම ගම්මානයකම පාහේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ශාඛා විවෘත කිරීමට බැංකුවට බල කෙරුණු නමුත්, මුදල් පොළියට දෙන්නන්ගේ පාලනය අභියෝගයට ලක් කිරීමට බැංකුව අසමත් විය. පිලිප් ගුණවර්ධන විසින් සඳහන් කර ඇති පරිදි, ‘පොහොසත් නීතීඥයින් සහ වෙනත් මෝරුන් විසින් පාලනය කරනු ලබන නිසා’ ලංකා බැංකුව එහි ආරම්භයේ සිටම යටත් විජිත කාර්යාලය මගින් සිරකොට තිබේ. 1961 දී පිහිටුවන ලද සමුපකාර සංවර්ධන බැංකුවේ ඊනියා අනුප්‍රාප්තිකයා වූ මහජන බැංකුව ඊටත් වඩා වාණිජ බැංකුවක් බවට පත් විය. සුදු එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ ‘සංවර්ධන බැංකු’ හෙවත් විශාල මෝරුන්ගේ සහය ඇතිව ක්‍රියාත්මකවන ඊනියා බැංකු නොවන මූල්‍ය ආයතනවල පාලනයක් දැන් අපට තිබේ!

රටක ආර්ථික ප්‍රමුඛතා සහ විදේශ ආයෝජන සඳහා ප්‍රවේශය පාලනය කිරීම වෙනුවෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහ බැංකුවට අවුරුදු 5 කට පෙර පිහිටවනු ලැබූ ලෝක බැංකුව, ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සතුව දැන් මහ බැංකුව ද ඇතුළුව සෑම අමාත්‍යංශයකම සිටින නිලධාරීන් සිටී. ලෝක බැංකුවේ / ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජිතයන් ද වේ. වැක්සීනය දේශීයව නිෂ්පාදනය කිරීමට විරුද්ධ වූ ලෝක බැංකුවේ ප්‍රධානියා ට්‍රම්ප්ගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ භාණ්ඩාගාරයේ උප ලේකම්වරයා විය.

සංවර්ධන බැංකු පිහිටුවීමට ගත් උත්සාහය නිසා පිලිප් ගුණවර්ධන ඉවත් කිරීමත්, බණ්ඩාරණායක ඝාතනයත් සිදුවිය.

එක්සත් ජනපදයේ නාපාම් බෝම්බ නිෂ්පාදනය කරන ඩව් කෙමිකල්ස් හි යුනියන් කාබයිඩ් නිෂ්පාදනවල දේශීය නියෝජිතයා බවට පත්වීම, එවරෙඩි බැටරි, යුනිලීවර් හි චෙස්බ්‍රෝ පොන්ඩ්ස් සමඟ මෙහි ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනය කළ හැකි පෑන් සහ අත් ඔරලෝසු ආදී වෙනත් පාරිභෝගික භාණ්ඩ විකුණන ප්‍රධානතම රසායන ද්‍රව්‍ය ආනයනකරුවෙකු ලෙස කැපිටල් මහරාජා සමූහයේ ආරම්භය 1940 දශකය දක්වා ඇදීයයි. 1967 දී තේ අපනයනකරුවකුවන ඒ. එෆ්. ජෝන්ස් සමාගම මිල දී ගැනීමෙන් පසුව ඔවුන් මහරාජා සංවිධානය පිහිටුවීය. 1975 දී ඔවුන් රෙනෝල්ට්, ලැන්ෂියා සහ කැගිවා යතුරුපැදි සඳහා දේශීය නියෝජිතයන් බවට පත් වූ අතර 1977 දී සහල් පරිභෝජනය අඩු කිරීම සඳහා තිරිඟු ආනයනය කරන ත්‍රිකුණාමලයේ කුප්‍රකට ප්‍රීමා පිටි මෝල ඉදි කරන ලදී. එය වත්මන් ආයෝජන මණ්ඩලයට (BOI) පුරෝගාමී වූ  මහ කොළඹ ආර්ථික කොමිසමේ පළමු ව්‍යාපෘතිය විය. මහවැලි ව්‍යාපෘතියෙන් ලාභ ලබමින් සිටි ඔවුහු එංගලන්තයේ බෝල්ෆෝර් බීටි (එංගලන්තයෙන් පානීය ජලය ආනයනය කරන) ආදී , ජපානයේ මිට්සුයි ආදී සහ අනෙකුත් යුරෝපීය බහුජාතික සමාගම් නියෝජනය කළහ. 1981 දී ඔවුන් ශ්‍රී ලංකාවේ එම්එන්සී ජේ වෝල්ටර් තොම්සන් වෙළඳ ප්‍රචාරණ ඒජන්සියක් ආරම්භ කළ අතර, 1985 දී නවසීලන්ත කිරි මණ්ඩලය සමඟ හවුල් වී වෙළඳපොළට ඇන්කර් කිරිපිටි ගෙන ඒමට කටයුතු කරන ලදී.   1987 දී ඔවුන් ශ්‍රී ලංකාවේ විශාලතම පීවීසී පයිප්ප නිෂ්පාදකයා බවට පත් විය (ඇත්ත වශයෙන්ම ආනයනය කරමින්). 1989 දී ඔවුන් හැරිසන්ස් සහ ක්‍රොස්ෆීල්ඩ් සමූහය ගෙනවිත් හැරිසන්ස් කෙමිකල්ස් සමාගම පිහිටුවන ලදී. 1991 දී සිංගප්පූරු ටෙලිකොම් සමඟ එක්ව ඩේටා නෙට් සහ එම්ටීවී චැනලයන් ආරම්භ කළ අතර, බෝතල් කිරීමේ පෙප්සිකෝ කම්හලක් ද ආරම්භ කරන ලදී. 1992 දී ඔවුන් හැරිසන්ස් නැව් සමාගම ස්ථාපිත කළ අතර ගුවන් විදුලියට හා විනෝදාස්වාදයට ද පිවිසියේය. 2000 ගණන්වලදී ඔවුන් තවත් වැඩියෙන් පොහොර විකිණීම සඳහා එම් කෙම්ස් සමාගම පිහිටුවා ගනු ලැබීය.

දේශීය නියෝජිතයින්ගේ වැදගත් ඉතිහාසයක් වන මහරාජා හා සම්බන්ධ හැරිසන්ස් සහ ක්‍රොස්ෆීල්ඩ් සමූහය යුනිලීවර් වැනි පැරණි ඒකාධිකාරයන් අතර, බැංකු, ආයෝජන, නවීන නිෂ්පාදනය, අලෙවිකරණය, නැව්සේවා සහ රක්ෂණය යන අංශයන්හි ආධිපත්‍යය පැතිරවීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික නිෂ්පාදනවල මිල පාලනයකර තිබේ. අන්තර් සම්බන්ධිත අධ්‍යක්ෂක මණ්ඩල හරහා මෙම සුදු ජාතිකයින් බැංකු, ආයෝජන භාර, මූල්‍ය භාර, වාණිජ හා කාර්මික සමාගම්, වැවිලි, නැව් සමාගම්, රක්ෂණ පාලනය කරයි. ඔවුන් නිෂ්පාදන මට්ටමේදී අඩු ලාභයකට සහ අලෙවිකරණ මට්ටමේ දී විශාල ලාභයකටත් හිමිකම් කියයි.

ඒජන්සි හවුස් නමින් හැඳින්වෙන ආයතනය ආරම්භ වූයේ 19 වන සියවසේ මැද භාගයේ කෝපි උත්පාතය තුළය. සැකසුම්, ගබඩා, විකුණුම්, නැව්ගත කිරීම, රක්ෂණය, වැවිලි සඳහා සැපයුම්, ණය සහ දේශීය ප්‍රවාහන වැනි ආකාරවලින් ඒවා වතු හිමියන්ට සේවා සපයයි! මෙම ඒජන්සි හවුස් 20 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ කළමනාකරණ නියෝජිතයින් බවට පත් වී තිබේ. ඒවා මගින් එංගලන්තයේ සමාගම් සඳහා අයවැය පාලනය කිරීම, වගාව, නිෂ්පාදනය, බදුකරණය, විනිමය පාලනය, විශේෂයෙන් ‘විධායකයින්ගේ’ රැකියා සහ ගිණුම්කරණය වැනි සේවාවන් සපයයි!

නිෂ්පාදන මට්ටම් සහ මිල පාලනය කිරීම සඳහා එංගලන්තය විසින් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මෙන්ම තේ සහ රබර් පාලන ආඥා පනත් ද භාවිතා කර තිබේ. ‘අධිරාජ්‍යයේ කැමැත්ත’ හරහා ලන්ඩන් වෙළඳපොළ මගින් තේ සහ රබර් අලෙවියේ ඒකාධිකාරය සහතික වී තිබේ. දැන් එක්සත් ජනපදයේ අරමුදල් ලබන ඇඩ්වොකාටා ඉංග්‍රීසි නිදහස් වෙළඳාමේ ප්‍රශස්ති ගායනා කරයි!

දෙවන ලෝක යුද්ධ සමයේ දී ඉංග්‍රීසීන් ඔවුන්ගේ යුද්ධයට මුදල් යෙදවීම සඳහා බලහත්කාරයෙන් ණය ලබා ගැනීමේ ක්‍රමයක් පැනවීය. ලංකා මුදල් මණ්ඩලයට එංගලන්ත බැංකුවේ එකතු කරන ලද පවුම් ස්ටර්ලිං ණයවලට එරෙහිව ඉංග්‍රීසීන්ට අවශ්‍ය ප්‍රමාණයට මුදල් නිකුත් කිරීමට සිදු විය. 1944 වන විට මෙම ‘ණය’ මුළු මුදල රුපියල් මිලියන 435 ක් වූ අතර එය රටේ ජාතික ආදායමෙන් හතරෙන් එකක් පමණ විය. 1939 දී තොග වශයෙන් තේ මිලදී ගැනීම සහ 1943 වන විට රබර්, පොල්, මිනිරන්/ග්‍රැෆයිට් සහ කුරුඳු වැනි අපනයන වලින් 97% ක් පාලනය කරමින් ඔවුන්ගේ යුද යන්ත්‍රයට අරමුදල් සැපයීමට ව්‍යාජව නම් කරන ලද ‘සාධාරණ මිල ගිවිසුම්’ ද පැනවීය. ඉන්පසු ඔවුන් ආහාර, පාරිභෝගික භාණ්ඩ, අමුද්‍රව්‍ය, ප්‍රාග්ධන භාණ්ඩ සඳහා ආනයන මිල ද තුන් ගුණයකින් වැඩිකරන ලදී. මෙම අමූලික අසමානතාවය තිබියදීත්,1939-45 අතර කාලය තුළ ශ්‍රී ලංකාව රුපියල් බිලියනයක විදේශ වත්කම් රැස්කර ගෙන තිබේ. දෙවන ලෝක සංග්‍රාමයෙන් එංගලන්තය යුද්ධයෙන් පීඩා විඳි නිසා, ඒ හේතුවෙන් ඉංග්‍රීසීන්ගේ ගෙවුම් ශේෂය ඉහළ නැංවීම වෙනුවෙන් එංගලන්තයේ ණය ශේෂයන් භාවිතා නොකිරීමට ශ්‍රී ලංකාව එකඟ විය. 1945-51 අතර කාලය තුළ දී ලන්ඩනයේ ස්ටර්ලිං පවුම් බිලියනයක ශේෂයක් රැස් කිරීමට යටත් විජිතයන්ට බල කෙරුණි.

1948 න් පසුව ඉංග්‍රීසීන් තම ඒජන්සි හවුස් මිලදී ගැනීම සඳහා දේශීය අධ්‍යක්ෂවරුන් ඉදිරිපෙළ ලෙස පත් කළ නමුත් ඒවායේ පාලනය ඉංග්‍රීසීන් අත පැවතුනි. වතු වගාව තුළින් ආදායම හා සමාජ තත්වය ලබා ගත් ඊනියා සුදු-කළු ප්‍රභූ පැලැන්තියෙන් ඔවුන්ව තෝරා ගනු ලැබීය. 1939 දී ලංකා වාණිජ මණ්ඩලයේ ස්වදේශිකයෝ තමන් සාමූහිකව හැඳින්වූ රත්ත්‍රන් බිත්තර දැමූ ඉංග්‍රීසි පාත්තයාගේ පාත්ත පැටව් යන සඳහන ආඩම්බරයෙන් පිළිගන්නා ලදී.

1952-69 අතරතුර: එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පෞද්ගලික ප්‍රාග්ධන මාරුවීම් රුපියල් මිලියන 87.2 ක් වූ අතර එංගලන්තය ශ්‍රී ලංකාවෙන් රුපියල් මිලියන 315.7 ක් ලබා ගෙන තිබේ. ලාභය සහ ලාභාංශ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 6.8 ක් ලැබී ඇති අතර ශ්‍රී ලංකාවෙන් රුපියල් මිලියන 741.1 ක් ලබාගෙන තිබේ. මංකොල්ලකෑමේ අනෙක් ක්‍රමය වූයේ ඉංග්‍රීසි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හා බැඳී ඇති ආධාර ලබාදීමයි. ස්ටර්ලිං සමඟ බැඳී ඇති අවප්‍රමාණය තවත් උපායකි.

1957 වන තෙක් ශ්‍රී ලංකාවේ තිබූ විදේශීය සමාගම්වලට තම ලාභය සහ ප්‍රාග්ධනය එංගලන්තයට ප්‍රේෂණය කිරීමට අවසර දී තිබුණි. 1957 දී ශ්‍රී ලංකාවේ බාහිර වත්කම් පහත වැටීම හේතුවෙන් ප්‍රාග්ධනය නැවතත් මෙරටින් යැවීමේ නිදහස අත්හිටුවන ලදී. විනිමය පාලන සීමාවන් මඟහරවා ගැනීමට, වතු සමාගම් ලාභාංශ ආවරණය යටතේ ලාභ මෙන්ම ප්‍රාග්ධනය ද ප්‍රේෂණය කිරීම සඳහා රඳවා ගැනීමේ සමාගම් (holding companies) පිහිටුවා ගනු ලැබීය. ඒජන්සි කොමිස් ගාස්තු සමඟ, ලන්ඩනයේ ප්‍රධාන කාර්යාල වියදම්, නැව්ගත කිරීම සහ රක්ෂණ කොමිස් ගාස්තු සහ තැරැව්කාර ගාස්තු ද ආපසු ගෙන්වා ගන්නා ලද අතර, වතු කම්කරු පන්තියෙන් රුධිරය උරා ගැනීම සහ ආර්ථිකය පුරා ධනවාදී ඌණසංවර්ධනය පතුරවනු ලැබීය. මෙහි වතුවගාව යාන්ත්‍රිකකරණය සඳහා ආයෝජනය කිරීම වෙනුවට නැගෙනහිර අප්‍රිකාවේ සහ මැලේසියාවේ වතු සඳහා ද ආයෝජනය ආරම්භ කරන ලදී.

මේ අනුව මෙම මුළුමනින්ම දූෂිත පෞද්ගලික අංශයේ, ඔවුන්ගේ මාධ්‍යවල සහ ඔවුන්ගේ දේශපාලනඥයින්ගේ ආධිපත්‍යය සුදු ජාතිකයින් සතුව තිබේ. ව්‍යාජ ජාතිකවාදය ප්‍රක්ෂේපණය කිරීම සඳහා බහුජාතික සමාගම් විසින් ‘දේශීය අධ්‍යක්ෂවරුන්’ පත්කර ගන්නා ලදී. මෙම අධ්‍යක්ෂවරුන්ට සහ ඔවුන් ප්‍රවර්ධනය කරන දේශපාලනඥයින්ට ජනගහනය නිතිපතා මර්දනය කිරීම හැරෙන්නට කිසිසේත්ම බලයක් නැත.

1971 දී විමර්ශන කොමිෂන් සභා පනත යටතේ පත් කරන ලද සහ 1975 දී ප්‍රකාශයට පත් කරන ලද ඒජන්සි හවුස් හා තැරැව්කාර සමාගම් පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මගින් ඔවුන් ලන්ඩනයේ ඉතාම ඉහළින් ලාභ ලබමින් ශ්‍රී ලංකාවේ දී අඩු ලාභයක් ලබන බව පෙන්නුම් කරමින් විදේශ විනිමයෙහි දරුණු පාඩු ඇතිකළ අකාරය හෙළි කරයි. 

වාම බලවේගයන් රජයෙන් ඉවත් කිරීම 1975 දී සනිටුහන් වීම අහම්බයක් නොවේ! 2021 නව 1975 ක් වේවි ද, 2024 වර්ෂය 1977 වාර 10 ක් වේවිද?

තැරැව්කාර සමාගම් තේ, රබර් සහ පොල් අපනයනය හසුරුවයි. උදා: බලපත්‍රලාභී තේ අපනයන කරුවන්ට – මේ සියලුදෙනා ප්‍රාදේශීය වතු සමාගම්වල හිමිකාරිත්වය හරහා සම්බන්ධිතය- ශ්‍රී ලංකාවේ සතිපතා තේ වෙන්දේසි පවත්වාගෙන යන තැරැව්කාර සමාගම් 8 ක හිමිකාරීත්වය තිබේ. ප්‍රාදේශීය වතු සමාගම් වාර්ෂික තේ නිෂ්පාදනයෙන් 40% ක් නිෂ්පාදනය කරයි, ඔවුන්ගේ ආදායම වෙන්දේසි මිල අනුව තීරණය වන අතර එය බලපත්‍රලාභී අපනයන සමාගම්වලට ලැබෙන අපනයන මිලට වඩා සැලකිය යුතු ලෙස අඩුය. මෙම ප්‍රාදේශීය වතු සමාගම් හා බලපත්‍රලාභී අපනයන සමාගම් හිමිකාරීත්වය හරහා සම්බන්ධිතය. එබැවින් ලාභයෙන් වැඩි ප්‍රමාණයක් අපනයන සමාගම් අතර එකතුවන අතර ප්‍රාදේශීය වතු සමාගම්වල ලාභය ඉතාම අඩු මට්ටමක පවතී හෝ ඒවා පාඩු ලබන ඒවා වේ.

ඒජන්සි හවුස් ආයතන මගින් සිදුකරන වතුකරයේ මංකොල්ලය රජය විසින් විමර්ශනයට ගැනීමෙන් පසුව, ඒජන්සි හවුස් සංචාරක, හෝටල්, මැණික් වෙළඳාම සහ සම්ප්‍රදායික නොවන අපනයන අංශ වෙත මාරු වී තිබේ. 1978 දී මෙම ඒජන්සි හවුස් ආයතනවලට රජය විසින් පවත්වාගෙන යනු ලබන දේශීය කර්මාන්ත බිඳ දැමීමට සහ වතු පාලනය සඳහා ආපසු යාමට අවසර දෙන ලදී.!

______________

B2 හේමාස්, එන්නත් යුද්ධ සහ ආනයන මාෆියාව

ඇන්ජෙලා කස්තුරි චෙලරාජා විල්සන් – 2020 ජුනි මාසයේදී වසංගතය උත්සන්න වීම මැද හේමාස් හෝල්ඩින්ග්ස් හි සභාපති හුසේන් එසුෆලි විසින් එංගලන්තයේ ස්ටීවන් එන්ඩර්බි වෙනුවට ඇන්ජෙලා විල්සන් හේමාස් හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් කරන ලදී. ඇයව ‘ලැයිස්තුගත ලංකා සමාගම් සමූහයක පළමු කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය’ලෙසත්, ‘තනි මවක්’ ලෙසත්, ධනවාදය සියලු දෙනාවම ඇතුළත්කර ගැනීම පිළිබඳ උදාහරණයක් ලෙසත් ප්‍රවර්ධනය කරන ලදී. සමාගම්වල පිරිමින් සාමාන්‍යයෙන් ටයි ගැටයට ඉහළින් නිරූපණය කර තිබුණද, ඡායාරූප තුළ ඇයගේ සිනාසෙන දර්ශනයේ දී සිරුරේ මැද සිට ඇඳුමේ බෙල්ල තීරුවද පෙන්වයි.

2020 ජූලි මාසයේදී: චෙලරාජා ඖෂධ කර්මාන්තය සදහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිනිය ලෙස නැවත තේරී පත් වී සිටියාය. ඖෂධ කර්මාන්තය සදහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්, ඉන්දියාවේ සිප්ලා ෆාමා, ස්විස් බවර් සහ සමාගම සහ ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිසර් හෝ ඇස්ට්‍රොන් ලිමිටඩ් ඇතුළත් වේ. චෙලරාජා වෙනුවෙන් ධුරයෙන් ඉවත් වූ එන්ඩර්බි ඇක්ටිස් කැපිටල් සමාගමට, එංගලන්තයේ සීඩීසී සමූහයට (කලින් පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන සමාගම) සහ අප්‍රිකාවේ, ආසියාවේ සහ කැරිබියන් රටවල නැගීඑන වෙළඳපොලවල ‘පුද්ගලික කොටස්, බලශක්තිය, යටිතල පහසුකම් සහ දේපළ වෙළඳාම්’ සඳහා ආයෝජනයට ද සම්බන්ධිතය. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්, සිලෝන් ඔක්සිජන් සහ මිලේනියම් අයිටී සමඟ සම්බන්ධිත එන්ඩර්බි, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ලයන් බෘවරි සහ පන්ජාබ් ට්‍රැක්ටර්ස් යන සමාගම්වල අධ්‍යක්ෂවරයෙකි! 

ඇක්ටිස් යනු වගකිවයුතු ආයෝජන සඳහා වන එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට අත්සන් තබා ඇති සමාගමකි… එය UNEP FI සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (UN Global Compact) විසින් සංවර්ධනය කරන ලද ආයෝජක මුලපිරීමකි. 2013 දී ඇක්ටිස් ඉන්දියානු ඖෂධ සමාගමක් වන සෙමිබයෝටෙක් ෆාමලැබ් හි ආයෝජනය කරන ලදී. එන්ඩර්බි 2013 දී හේමාස් හා සම්බන්ධ වූ අතර 2014 දී ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් විය. 2018 දී ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ආසියාවේ සිය දේපළ වෙළඳාම් ආයෝජන ව්‍යාපාරය ඇක්ටිස් වෙත විකුණා දමන ලදී. එන්ඩර්බි හේමාස් හෝටල් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ දිගටම සිටියේය.

හාවඩ් ව්‍යාපාරික පාසලේ ආදි ශිෂ්‍යාවකවන චෙලරාජා කැපිටල් එලායන්ස් සහ මොරිසන්ස් හි අධ්‍යක්ෂවරියක ලෙස සේවය කළ අතර, SCPI හි ප්‍රධානියා ද විය. කැපිටල් එලායන්ස් හි අධ්‍යක්ෂවරුන් සිලෝන් ටී බ්‍රෝකර්ස්, ජෙට්වින් ට්‍රැවල්ස්, ජේ. වෝල්ටර් තොම්සන්, කොමර්ෂල් බැංකුව, ඇමරිකානු බැංකුව, මෝගන් ස්ටැන්ලි, මාස් හෝල්ඩින්ග්ස් සමඟ සම්බන්ධ වේ.

පුද්ගලික ඖෂධ කර්මාන්තයෙන් 90% ක් පමණ ආවරණය වන පරිදි නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සිල්ලර වෙළෙන්දන් සමඟ සාමාජිකයින් 60 කට අධික සංඛ්‍යාවක් හිමිකම් කියන ඖෂධ කර්මාන්තය සදහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ (SCPI) චෙලරාජා සභාපතිනිය වේ. ඔවුන් ශ්‍රී ලාංකිකයින් සඳහා ලොව පුරා නිෂ්පාදකයින් 364 දෙනෙකුගෙන් බෙහෙත් වර්ග 800 ක් සපයයි. චෙලරාජා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ද 2019 දී පිළිගැනීමට ලක් වූ අතර එහි දී ඇය කීර්තිමත් කාන්තා වෙනස් කරන්නන්ගේ ලැයිස්තුවට ද එකතු විය!  

2020 ජූලි මාසයේ දී හේමාස් සිය කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය ප්‍රදර්ශනය කරමින් සිටියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් හේමාස් ෆාමසියුටිකල්ස් සහ ඒ බවර් ද ඇතුළුව ඖෂධ සමාගම් 5 කට ඖෂධ 10 ක සිල්ලර මිල අත්තනෝමතික ලෙස හා ඒකපාර්ශවිකව ඉහළ නැංවීම නිසා ලියාපදිංචිය සහ ආනයන බලපත්‍ර අවලංගු කිරීම් පිළිබඳ නොතීසි නිකුත් කළේය.

ඖෂධ කර්මාන්තය සදහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඉන්පසුව කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලය ඇත්තේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ ඒ අතර නිෂ්පාදනවල මූලික මිල තීරණය කිරීමට සහ පසුව මිල සංශෝධන පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීමට පමණක් බවයි. ඖෂධ කර්මාන්තය සදහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මිල වැඩි කිරීම් ‘මිල පුළුල් කිරීමක්’ ලෙස හැඳින්වීමට කැමතිය.

2020 දෙසැම්බර් මාසයේ දී: ඖෂධ වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් බෙහෙත් 73 ක් සඳහා පනවා ඇති මිල සීමාවට SCPIය විරුද්ධ විය. ‘ඉහළ නියාමන ගාස්තු සමඟ මිල නියාමනය සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම’ සහ ‘රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඖෂධ ආනයනය වඩා මිල අධික වීම’ පිළිබඳව SCPIයේ චෝදනා එල්ලවිය.

2021 අප්‍රේල් මාසයේ දී: ඉන්දියාවේ කොවිඩ් -19 තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟයක් ඇති නොවන බව SCPIය පොරොන්දු විය. අපගේ නිෂ්පාදන හවුල්කරුවන් සහ ඉන්දියාවේ සහ වෙනත් රටවලට ලබා දී ඇති ඇණවුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, අපගේ පාරිභෝගිකයින්ට ගුණාත්මක ඖෂධ සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකිවීම අප විසින් සහතික කරන්නෙමු.

2021 මැයි මාසයේ දී: කොවිඩ් එන්නත් ප්‍රසම්පාදනය පිළිබඳව සැලකිලිමත් වන්න… ප්‍රසම්පාදනය ලියාපදිංචි කළ, වෙළඳපල බලයලත් බෙදාහරින්නන්ගෙන් පමණක් සිදුවිය යුතුය’, SCPIය ඉල්ලා සිටියේ ය.

තවමත් මැයි මාසයේ 31 දී:  වඩාත් දැඩි සිරස්තලයක් ප්‍රකාශයට පත් විය. ‘පුද්ගල වාසි සඳහා ජනතාවගේ ජීවිත සමඟ කටයුතු කරන ඖෂධ අධිකාරිය’ යනුවෙන් සඳහන් කරමින්, ආණ්ඩු දෙකක් පුරා පැවති උපායශීලී කූටෝපායක් මගින් ඔවුන් මහජන සෞඛ්‍යට වඩා ලාභයට ප්‍රමුඛතාවය ලබා දෙමින් සිටී. එහි දී රජයට, ව්‍යවස්ථාපිත ආයතනවලට වඩා රාජ්‍ය අනුග්‍රහය ලබන ප්‍රදර්ශනශීලී පෞද්ගලික අංශයට ජීවය ලබා දී තිබේ. ඒවා රාජ්‍යයට, සෞඛ්‍ය අමාත්‍යංශයේ ව්‍යවස්ථාපිත ආයතන සහ රටේ නීත්‍යානුකූල පෞද්ගලික අංශයට වඩා බලවත් වී තිබේ.

නිර්නාමික ‘විශේෂ වාර්තාකරුවකු’ ගේ FT කතාවක් මගින් රජයේ ප්‍රතිපත්තියට සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට පහර දීම ආරම්භ විය: සිරස්තලය වූයේ ‘SPMC හවුල් ව්‍යාපාර යනු දේශීය කර්මාන්ත හා මහජනතාවට ගිල දැමීමට තිත්ත බෙහෙත්’ යන්නයි.

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය රෝගී වී තිබේ, දූෂණය, දේශපාලන බලය හා නොසැලකිල්ල නිසා එහි වැදගත් කාර්යයන් පිරිහෙමින් තිබේ. පාලනය යනු සියල්ලම ය. නමුත් ඇතුළතින් මිය ගොස් තිබේ.” එහි තවදුරටත් කියැවේ:

‘2015 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් හඳුන්වා දුන්නේය. 2024 වන විට රටේ  ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ක් නිෂ්පාදනය කිරීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කළ අතර, ක්ෂේත්‍රයේ දේශීය ආයෝජකයින්ගෙන් ද සැලකිය යුතු උනන්දුවක් ඇති විය. මෙය අපනයන විභවතාවයට අමතරව නම්කරන ලද ප්‍රමාණයන් සඳහා රජයෙන් ලබා ගැනීමේ සහතිකයක් ද සහිතවය. වත්මන් පාලන තන්ත්‍රයේ නිලධාරීන්ගේ ඒකාධිපති ආකල්ප මෙම වැඩසටහන තුළ සම්මුතීන් බිඳවැටීමට හේතු වී තිබේ….

2015 ට පෙර ශ්‍රී ලංකාව සිය ඖෂධ අවශ්‍යතාවයෙන් 3% කට ආසන්න ප්‍රමාණයක් පමණක් නිෂ්පාදනය කළ අතර, ආනයනය ප්‍රමුඛ විය. මෙරටට සමීපව පිහිටි ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානය ගෝලීය ඖෂධ කර්මාන්තයේ ප්‍රධාන නිෂ්පාදන කේන්ද්‍රස්ථාන බවට පරිණාමය වී තිබේ. 2021 පෙබරවාරි වන විට ඉන්දියාවේ ඖෂධ ව්‍යාපාරය ඩොලර් බිලියන 41 ක් වූ අතර එමගින් විවිධ එන්නත් සඳහා ගෝලීය ඉල්ලුමෙන් 50% ක් සැපයේ.  2024 වන විට එය ඇමරිකානු ඩොලර් බිලියන 65 ක් අපේක්ෂිතය. යුරෝපා සංගමයේ එක් GMP කර්මාන්ත ශාලාවක් පමණක් නිෂ්පාදනයන් සිදුකරන පාකිස්තානයේ ඖෂධ ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් බිලියන 3.2 ක් වන අතර බංග්ලාදේශය 2025 දී ඇමරිකානු ඩොලර් බිලියන 6 ක් අපේක්ෂා කරයි.

දේශීය ව්‍යාපාර නැගීම – නව යෝජනා ක්‍රමයේ පැමිණීමත් සමඟ දේශීය ඖෂධ නිෂ්පාදන හොඳ ආරම්භයක් ලබා ගත්තේය. ආරම්භයේ දී දේශීය කර්මාන්තය දේශීය අවශ්‍යතාවයෙන් 5% ක් දක්වා සැපයූ අතර 2020 වන විට එය 15% දක්වා ඉහළ ගොස් ඇති අතර 2025 වන විට තවදුරටත් ඉහළට යාමට සැලසුම් කර තිබේ.

සැලසුම් කරන ලද 350 න් දේශීයව නිෂ්පාදන 100 ක් පමණ නිපදවා ඇති මෙම වැඩසටහන මගින් මෙරටම අඛණ්ඩ නිරන්තර සැපයුම් දාමයක් ද සමඟ ශ්‍රී ලංකා රජයට සැලකිය යුතු ඉතිරියක් ලබා දී තිබේ.

විජය සමූහ ව්‍යාපාරයේ FT හි විශේෂ වාර්තා කරු හඬයි: හේමාස්, සන්ෂයින් හෝල්ඩින්ස්, නවෙස්ටා, සීඅයිසී, ගැමා ඇන්ඩ් ඇස්ට්‍රෝන් ආදී දේශීය නිෂ්පාදකයින් ධාරිතාව ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන ගණනක් ආයෝජනය කර ඇති අතර යුරෝපීය වෛද්‍ය නියෝජිත ආයතනයේ යහපත් නිෂ්පාදන භාවිතයන් (EU GMP) ගේ ප්‍රමිතියට සහ දේශීය යහපත් නිෂ්පාදන භාවිතයන් ප්‍රමිතීන්ට සරිලන පහසුකම් ගොඩනගා තිබේ. – https://www.ft.lk/opinion/Pharmaceutical-authority-dabbling-with-peoples-lives-for-individual-gains/14-718231

ජූනි 27: විජය සමූහ ව්‍යාපාරයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යෙව්දිනී කුමුදිනි හෙට්ටිආරච්චි චීන සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති දේශීය සමාගම වන කෙලුන් ලයිෆ් සයන්ස් (පුද්) සමාගමේ සභාපති වී නඩරාජා උපුටා දක්වමින් සිරස්තලයකින් මෙසේ ප්‍රකාශ කරයි: ‘සිනොවැක් මිල රහසිගතව තබා ගැනීමට අවශ්‍යයි; එහි ඕනෑම නිරාවරණය කිරීමක් ගනුදෙනුව අක්‍රිය කරනු ඇත.’ – sundaytimes.lk/210627/news/sinovac-wants-price-kept-secret-any-disclosure-and-deal-is-off-447628.html

එදිනම හෙට්ටිආරච්චිගේ  තවත් කතාන්දරයක සිරස්තලයකින් දක්වන්නේ: “කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු මධ්‍යයේ සිනොවැක් මාත්‍රා මිලියන 13 ක් ඇණවුම් කිරීම විශේෂඥයින්ගේ ප්‍රශ්න කිරීමට ලක්වේ’… ’ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එහි ඵලදායීතාවය පිළිබඳව බොහෝ රටවල බරපතල සැක පහළ වෙමින් තිබිය දී, චීන සිනොවැක් එන්නත මාත්‍රා මිලියන 13 ක් ඇණවුම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව කනස්සල්ල වර්ධනය වෙමින් තිබේ.”

එමගින් චීනයට හා එහි එන්නතට එරෙහිව තවත් විරෝධයක් ආරම්භ විය. 

පල්ලෙකැලේ පිහිටි එම සමාගමට අයත් ආයතනයක නිෂ්පාදනයට (වෙන් කිරීම, පිරවීම, ඇසුරුම් කිරීම පරීක්ෂා කිරීම) තීරණයකර ඇති සිනොවැක් මාත්‍රා මිලියන 13 ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව කෙලන් ලයිෆ්සයන්සස් (පුද්ගලික) සමාගම ලෙස නම් කරන ලද සමාගමක් සමඟ ගිවිසුමකට එළඹීමට ඇති  සැලැස්ම විශේෂඥයින්ගේ ප්‍රශ්න කිරීමට ලක්විය.  sundaytimes.lk/210627/news/experts-question-move-to-order-13m-doses-of-sinovac-amidst-efficacy-concerns-447553.html

ජූනි 28: ලංකා බිස්නස් ඔන්ලයින් වාර්තා කළේ ඖෂධ අලෙවි මහතුන් 3,500 ක් (කාන්තාවන්?) පමණ දෙනා ‘සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සඳහා නිෂ්පාදන පිළිබඳව දැනුවත් කිරීමට ප්‍රවර්ධනයේ යෙදෙන බවයි!’ නව ඖෂධ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදීමේ දී සම්බන්ධක ස්ථානය ලෙස ඔවුන් සේවය කරයි. සන්ෂයින් හෙල්ත්කෙයාර් සහ සීඅයිසී හෝල්ඩිංග්ස් (ඖෂධ අලෙවිකරුවන් 200 කට අධික සංඛ්‍යාවක් සේවය කරයි) උපුටා දක්වමින් LBO සඳහන් කළේ පසුගිය වසරේ ඇක්සෙන්චර් ලයිෆ් සයන්ස් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් 87% දෙනෙකුට මේ හමුවීම් සඳහා වර්චුවල් හෝ වර්චුවල් හා පුද්ගල හමුවීම්වල එකතුවක් අවශ්‍ය බවයි. ’ ඖෂධ නියෝජිතයෙකුගේ “රැකියා භූමිකාව” කඩාකප්පල් වී ඇති බව බවර්ස් ලයිෆ් සයන්ස් ප්‍රකාශ කරයි.

‘සීමා පැනවීම් ආරම්භයේ දී, සම්ප්‍රදායික ආකාරයෙන් රැකියාවේ යෙදෙන -එනම් මුහුණට මුහුණලා අන්තර්ක්‍රියා කරන- පුද්ගලයින් සඳහා නව රැකියා භූමිකාවක් නැවත සොයා ගත යුතු ආකාරය ගැන අපි සාකච්ඡා කළෙමු. එබැවින් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම මෙන්ම බෙහෙත් වට්ටෝරුව අනුගමනය වෙනුවෙන් රෝගියාට ප්‍රතිකාර ලබාදිය හැකි එකම විසඳුම ඩිජිටල්කරණය බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි’. බවර්ස් ලයිෆ් සයන්ස් තවදුරටත් පවසන්නේ: ‘කර්මාන්තයේ ඖෂධ නියෝජිතයින්ගෙන් 80% ක් වෛද්‍යවරුන්ගෙන් 20% ක් හමුවන බව අපට පෙනෙනවා. එය 80/20 රීතිය ලෙසද හැඳින්වෙනවා.   – https://www.lankabusinessonline.com/post-pandemic-future-jobs-in-the-pharma-industry-are-evolving/

ජූලි 7: විජය සමූහ ව්‍යාපාරයේ FT  සිරස්තලය:  ‘ඖෂධ කර්මාන්තය සදහාවන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය Daily FT වාර්තාව ප්‍රතික්ෂේප කරයි -‘මැයි 21 දින ආරම්භක ලිපියෙන් පසු (www.ft.lk/opinion/Pharmaceutical-authority-dabbling-with-peoples-lives-for-individual-gains/14-718231) ව්‍යාජ අන්තර්ගතයන් සහිත විකෘති ලිපියක් යවමින් සහ “ශ්‍රී ලංකාව ඖෂධීය වශයෙන් ස්වයංපෝෂිත ජාතියක් බවට පත් කිරීම” පිළිබඳ රජයේ දැක්මට හානි කරමින් සාමාන්‍ය ජනතාව නොමඟ යවන්නේ යැයි පවසමින් SCPIය විසින් පිළිතුරු ලියයි. FT  ඉන්පසු එහි මූලාශ්‍රය නිරාවරණය කරයි: මෙම සංස්කරණයේ මෙන් එහි ආරම්භක ලිපියේ ද ලැයිස්තුගත සමාගම් ගණනාවක් ඇතුළත් වන SCPI සාමාජිකයින් බෙදාගන්නා ලද විස්තර, ලේඛන සහ අදහස් ද ඇතුළත් ය. මෙම සංස්කරණයේ දී විගණකාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලද සොයාගැනීම් කෙරෙහි අවධානය යොමු විය.’

ඉන්පසු විජය සමූහ ව්‍යාපාරය මගින් තවත් නිර්නාමික FT ප්‍රහාරයක් ප්‍රකාශයට පත් කළේය: විගණකාධිපති විසින් SCPI හවුල් ව්‍යාපාර තියුණුව පරීක්ෂා කරයි, නමුත් ඒ කුමන වුවමනාවකට ද? නැවතත් මේ ‘විශේෂ වාර්තාකරු මෙසේ අසයි: එවකට ජනාධිපති අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිතූ පරිදි 2025 වන විට රට ඖෂධවලින් 50% ක් ස්වයංපෝෂිත කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට රජයට සැබවින්ම හැකියාවක් තිබේද?  ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තම ස්වයං තෘප්තිමත් න්‍යාය පත්‍රයකට සේවය කිරීම සඳහා දේශීය ඖෂධ නිෂ්පාදනයේ මිනී පෙට්ටියට අවසන් ඇනයත් ගසයි ද? බලධාරීන් රුපියල් හා ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් ඔහු කියා සිටියි… ව්‍යාපෘති කමිටුව විසින් අනුමත නොකරන ලද කොවිඩ් -19 ලේඛන හරහා අර්බුදය පතුරවයි… කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව ප්‍රකාශ කළේ API සඳහා පිරිවැය එම නිෂ්පාදනය සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් ප්‍රකාශයට පත් කරන ලද පිරිවැයට වඩා 40% වැඩි බවයි… මහජන සෞඛ්‍ය ද්විතීයික වැදගත්කමක් දරන්නේ නම්, කොවිඩ් -19 ට එරෙහිව අවම කාර්යක්‍ෂමතාවයකින් යුත් එන්නත සඳහා ඇසුරුම් කිරීමේ ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත.’ – ft.lk/opinion/Auditor-General-dissects-SPMC-joint-ventures-but-to-what-end/14-720099

හේමාස් හෝල්ඩිංග්ස් හි හිමිකරුවන් නොපෙනෙන පරිදි ලැයිස්තුගත කර තිබේ: AZ හෝල්ඩිංග්ස් (15.79%), සරාස් ඉන්වෙස්ට්මන්ට්ස් (15.03%), බ්ලූබෙරි ඉන්වෙස්ට්මන්ට්ස් (14.92%, අයිල් ඔෆ් මෑන් හි පිහිටි) ඇමග්‍රෘප් (14.92%), JPMLU-ෆ්‍රැන්ක්ලින් ටෙම්පල්ටන් ආයෝජන අරමුදල්(5.73%) දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය වැනි හැඟීම්බර රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ව්‍යාපාරික සංගම් වැනි අය සමඟ ද හේමාස් අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් අතර අන්තර් සම්බන්ධතා තිබේ! නමුත් වඩා වැදගත් දෙය නම්, බහුජාතික සමාගම් සහ ආයෝජකයින්, ගෝල්ඩ්මන් සැක්ස් සහ කැනඩාවේ විශ්‍රාම සැලසුම් ආයෝජන මණ්ඩලය සමඟ සම්බන්ධ වීම පමණක් නොව: ෆයිසර්, යුනිලීවර්, බ්‍රිටිෂ් ඇමරිකොන් ටුබැකෝ (සිලෝන් දුම්කොළ), ටාටා, කීල්ස්, මාස් හෝල්ඩින්ග්ස්, කැපිටල් එලායන්ස්, ජේබී වැන්ටේජ්, කැස්ට්‍රෝල් ඉන්ඩියා, මොරිසන්, කාර්සන් කම්බර්බැච්, එවර්ග්‍රීන් ෂිපිං, ජනශක්ති සාමාන්‍ය රක්ෂණය, ස්පෙක්ට්‍රා ලොජිස්ටික්ස්, රෙසස් එනර්ජි පීඑල්සී, ටාටා ඇග්‍රිටෙක්, ඇන්ග්ලෝ-ස්කොටිෂ් එඩියුකේෂන් සොසායිටි.

කැපිටල් එලායන්ස් අධ්‍යක්ෂක මණ්ඩලයට කොමර්ෂල් බැංකුව, සිලෝන් ටී බ්‍රෝකර්ස්, ජෙට්වින් ට්‍රැවල්ස්, ජේ වෝල්ටර් තොම්සන් සහ ‘ඇමරිකානු බැංකුවේ සහ මෝගන් ස්ටැන්ලිගේ ප්‍රමුඛ ගෝලීය ආයෝජන බැංකු’ සමඟ සම්බන්ධතා ඇති අය  සහ ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ යාවජීව සාමාජිකයෙක් ද ඇතුළත් වේ.